ලංකාවට වාහන එවන්න ජපානයේ බැංකු වල පොඩි කේස් එකක්. - වෙලා තියෙන දේ ගැන සභාපති කිවුවේ මෙහෙමයි.
වාහන ආනයනය කිරීමට අදාල ණයවරය ලිපි ශ්‍රී ලංකා රජය විසින් අත්හිටුවීම සම්බන්ධයෙන් ජපානයේ කැළලක් පවතින බව ජපානයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය පවසනවා. එය මෙතරම් කාලයක් මෙරටට නොදැනුනේ මෙරට වෙළඳපොළ වසාගෙන සිටීම නිසා බයි එහි සභාපති ජගත් රාමනායක මහතා අවධාරණය කරන්නේ.
එමෙන්ම පෙබරවාරි මාසයේදී වාහන ආනයනය සඳහා නැවත රට විවෘත කරන විට ජපානයේ බැංකු කොයි ආකාරයෙන් ක්‍රියා කරාවිදැයි නොදන්නා බවද ඔහු පවසනවා. ඔහු මේ කරුණු කියා සිටියේ,කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින්.
මේ අතර ශ්‍රී ලංකාවේ ණයවර ලිපි පිළිගැනීම සම්බන්ධයෙන් ජපානයේ බැංකු කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් පැහැදිලිතාවයක් නොමැති බවත්, නමුත් වෙතත් ජපාන බැංකුවලින් හොඳ ප්‍රතිචාරයක් බලාපොරොත්තු වන බවත් රාමනායක මහතා මෙහිදී කියා සිටියා.
එමෙන්ම ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහන සමග ඉදිරියට පැමිණ ඇති බවට දත්ත මේ වන විටත් ජපානයට ලබා දී ඇති බවත් ඔහු ,මෙහිදී සඳහන් කර සිටියා.
You May Like This Video