හිටපු අගමැතිවරයෙකුට වෙඩි ප්‍රහාරයක්..වහාම රෝහල් ගත කරයි..(VIDEO/PHOTOS)..විදෙස්

Shooting Japan
By Aruna Jul 08, 2022 04:25 AM GMT
Aruna

Aruna

Report

ජපානයේ, නාරා නගරයේ පැවති උත්සවයක් අතරවාරයේ සිදුවූ වෙඩි තැබීමකින් හිටපු ජපාන අගමැති ෂින්සෝ අබේ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

හිටපු අගමැතිවරයා වේදිකාවේ කතා කරමින් සිටියදී ඔහුගේ පිටුපස ප්‍රදේශයට වෙඩි ප්‍රහාරය එල්ල වී තිබෙන බවත් ඔහු ලේ ගලමින් වේදිකාව මත ඇද වැටී සිටින අයුරු දක්නට ලැබුණු බවයි ජපානයේ NHK පුවත් සේවය වාර්තා කර සිටිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

ජපාන අග්‍රාමාත්‍යවරයාට වෙඩි ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා මේ වන විට අත්අඩංගුවේ පසුවන බව ද සඳහන්.

හිටපු ටෝකියෝ ආණ්ඩුකාර යොයිචි මසුසෝ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ හිටපු ජපාන අග්‍රාමාත්‍යවරයාගේ හෘද පෙනහළු හිරවීමේ තත්වයක සිටින බවයි.

ජපානයේ මරණයක් නිල වශයෙන් තහවුරු කිරීමට පෙර මෙම යෙදුම බොහෝ විට භාවිතා කෙරෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

ජපානයේ දීර්ඝතම අගමැති ධුරය දැරූ ෂින්සෝ අබේ සෞඛ්‍ය හේතූන් මත 2020 වසරේ දී සිය ධුරයෙන් ඉල්ලා අස්වුවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න....
Join now


GalleryGalleryGallery