වසා දැමුණු මේ ගුවන් තොටුපළ යළි විවෘත කරයි - අතරමං වූ සියලුම මගීන් ගුවන් යානාවලට නැගීමට පොරකයි

Report

ගිනිකඳු පිපිරීමකින් ඇති වූ අළු හේතුවෙන් දින ගණනාවක් වසා දමා තිබූ ඉන්දුනීසියාවේ ප්‍රධාන ගුවන් තොටුපළ සහ තවත් ගුවන් ගමන් මධ්‍යස්ථාන කිහිපයක් අද(08) දින අලුයම නැවත විවෘත කළ බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව ලක්ෂ සංඛ්‍යාත සංචාරකයින් අතරමං කළ ගුවන් ආරක්ෂණ අර්බුදය පහව යාමත් සමඟ ජකර්තා අගනුවර සහ නගරය අසල හෝ ජාවා දූපත වටා ඇති තවත් ගුවන් තොටුපළ හතරකට සේවය කරන ගුවන් තොටුපළ මේ වන විට නැවත ක්‍රියාත්මක වන බව අමාත්‍යාංශය ඉන්ස්ටග්‍රෑම්හි සඳහන් කර ඇත.

ජකර්තා සිට කිලෝමීටර් 150ක් (සැතපුම් 93ක්) පමණ දුරින් පිහිටි අනාක් ක්‍රකටෝ කන්ද ඉකුත් සෙනසුරාදා පුපුරා යාමෙන් ලාවා උල්පතක් සහ ගිනිකඳු අළු දුමාරයක් පිට විය.

ශ්‍රීපාද කන්ද නාය යාමක්? රටම පේ වෙලා එන ශ්‍රීපාදස්ථානය ගැන නරක ආරංචියක්

ශ්‍රීපාද කන්ද නාය යාමක්? රටම පේ වෙලා එන ශ්‍රීපාදස්ථානය ගැන නරක ආරංචියක්

ඒ හේතුවෙන් ගුවන් අවකාශයේ අළු අනාවරණය වීමෙන් පසු සති අන්තයේ ගුවන් තොටුපළ අටක මෙහෙයුම් නවතා දැමූ අතර, එමඟින් ගුවන් ගමන් 3,000 කට ආසන්න සංඛ්‍යාවක් අඩාල වූයේ මගීන් 340,000 කට වැඩි පිරිසක් අතරමං කරමින් බව ප්‍රවාහන අමාත්‍යාංශය ඊයේ(7) දින වාර්තා කළා.

අද අලුයම අමාත්‍යාංශය ඉන්ස්ටග්‍රෑම් හි පළ කළේ ජකර්තා ගුවන්තොටුපළ සහ තවත් ගුවන්තොටුපළ හතරක් යළි ක්‍රියාත්මක වන බවයි.

එසේම ජකර්තා ප්‍රධාන ගුවන් තොටුපළ ඉන්ස්ටග්‍රෑම් හි ලියා ඇත්තේ "අනාක් ක්‍රකටෝ කන්දෙහි වත්මන් ගිනිකඳු පිපිරීම් ක්‍රියාකාරකම් වලින් පසුව, සොකර්නෝ-හට්ටා ජාත්‍යන්තර ගුවන් තොටුපළ නැවත ගුවන් ගමන් මෙහෙයුම් ආරම්භ කර ඇති" බවයි.

මසකට ලීටර් 110 ඉක්මවන පරිශීලකයින්ට පෙට්‍රල් මිල අඟහරුවාදා සිට ඉහළට - මැදපෙරදිග යුද උණුසුම මැද අලුත්ම තීරණයක්

මසකට ලීටර් 110 ඉක්මවන පරිශීලකයින්ට පෙට්‍රල් මිල අඟහරුවාදා සිට ඉහළට - මැදපෙරදිග යුද උණුසුම මැද අලුත්ම තීරණයක්

කෙසේ වෙතත් මීට පෙර, ගුවන් තොටුපළ වසා දැමීම් නැවත නැවතත් දීර්ඝ කර තිබුණා. එසේම ගුවන් තොටුපළවල දින ගණනාවක් තිස්සේ පැවති අවුල් සහගත තත්ත්වයෙන් අනතුරුව, අතරමං වූ සියලුම මගීන් ගුවන් යානාවලට නංවා ඔවුන්ගේ අපේක්ෂිත ගමනාන්ත වෙත ගෙන යාමේ දුෂ්කර කාර්යයට දැන් ගුවන් සමාගම් මුහුණ දී සිටින බව වාර්තා වේ.

ප්‍රවාහන අමාත්‍යාංශය පවසන්නේ යළි විවෘත කිරීම සඳහා ලැයිස්තුගත කර ඇති අනෙක් හතර අතරට සිවිල් සහ හමුදා ගුවන් ගමන් සඳහා පහසුකම් සපයන ජකර්තා ප්‍රදේශයේ කුඩා ගුවන් තොටුපළක් වන හලීම් පර්දනකුසුමා සහ බටහිර ජාවා අගනුවර වන බන්ඩුන්ග් හි හුසේන් ශාස්ත්‍රනේගරා ඇතුළත් බවයි. 

අද මේ අධ්‍යාපන කලාප යටතේ ඇති පාසල්වලට විශේෂ නිවාඩුක් - හේතුව මෙන්න

අද මේ අධ්‍යාපන කලාප යටතේ ඇති පාසල්වලට විශේෂ නිවාඩුක් - හේතුව මෙන්න

75 වැනි ලෝක රූ රැජින තරගයෙන් පසු ප්‍රතිභාගෙන් සංවේදී සටහනක් - "මම ආඩම්බර ජයග්‍රාහිකාවක්

75 වැනි ලෝක රූ රැජින තරගයෙන් පසු ප්‍රතිභාගෙන් සංවේදී සටහනක් - "මම ආඩම්බර ජයග්‍රාහිකාවක්