ගෙපලක් කැපීමට යන විට මිනිස් ඇට සැකිළි කොටස් හමු වෙලා..

Sri Lanka Police Jaffna Sri Lanka Sri Lanka Police Investigation
By krishani Jun 23, 2023 02:53 AM GMT
krishani

krishani

Report

21 වන දා යාපනයේ - අල්ලෙයිපිඩ්ඩි රන්දම් ප්‍රදේශයේ දී මිනිස් ඇට සැකිළි කොටස් කීපයක් හමු වී ඇත.

ඒ රන්දම් ප්‍රදේශයේ ඉඩමක ය.

එහි ගෙපලක් කැපීමට සූදානම් වූ පුද්ගලයෙකුට මෙය හමු වීමෙන් පසුව ඔහු ඒ බව යාපනය පොලීසියට දැණුම් දී ඇත.

පොලීසිය එම ස්ථානය සුරක්ෂිත කොට මහජනයාට ඇතුළුවීමට තහනම් ප්‍රදේශයක් බවට පත් කොට අධිකරණයට තොරතුරු ඉදිරිපත් කොට තිබෙනවා.

ඒ අනුව එම ස්ථානයේ කැණීම් කටයුතු ආරම්භ කිරීමට ඉදිරි පියවර ගන්නා ලෙස අධිකරණයෙන් පොලීසියට නියෝගයක් ලබා දී ඇත.

කෙසේවෙතත්, යාපනය පොලීසිය එම ස්ථානයේ කැණීම් කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.