ජැක්සන්ගේ සිද්ධිය ගැන හරිත අලුත්ගේ ගෙන් සැර කතාවක්
Sri Lanka
Jackson Anthony
By Sithumi
ජැක්සන් ඇන්තනි මහතාට ජාතික රෝහලේදී සිදු කරන ලද දෙවන සැත්කමක් අතරතුර වෛද්‍යවරුන් අතින් වරදක් සිදු වූ බවට පැතිර යන කටකතා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා දැඩි සේ ප්‍රතික්ෂේප කොට සිටිනවා.
එවන්නැක් සිදුවී ඇතිනම් එය අපරාධයක් බවත්ද කියා සිටින ඒ මහතා, එවැනි සැකයක් ඇත්නම් ඕනෑම අයෙකුට ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගොනු කළ හැකි බවද වැඩිදුරටත් කියා සිටිනවා.
මෙවැනි බරපතල තත්ත්වයේ පසුවන රෝගියෙකු කළමනාකරණය කෙරෙනුයේ විශේෂඥ වෛද්‍යවරුන් කිහිප දෙනකුගෙන් සමන්විත මණ්ඩලයක් මගින් බවද කියා සිටි හරිත අලුත්ගේ මහතා, රෝගියා සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සිදුවන්නේ එම වෛද්‍යවරුන් සහ පවුලේ සාමාජිකයන් අතර සිදුවන සාකච්ඡාවලින් පසුව බවද පෙන්වා දී සිටියා.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |