අනතුරකට ලක් වූ ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ නවතම සෞඛ්‍ය තත්ත්වය..(VIDEO)

Sri Lanka Sri Lankan Actor Accident
By Sewvandhi Jul 03, 2022 04:05 PM GMT
Sewvandhi

Sewvandhi

Report
100 Shares

අනතුරට ලක්ව වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට මාරු කර යැවුණු ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී හෙට සැත්කමකට භාජනය කිරීමට නියමිතයි. රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ ඔහු මේ වනවිට ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි.

රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී, ඔහුගේ සහෝදරයකු වන සමන් ඇන්තනී සහ තවත් පුද්ගලයෙකු සමඟ තලාව ප්‍රදේශයේ පැවති චිත්‍රපට රූගත කිරීමක් සඳහා සහභාගි වී අනුරාධපුර දෙසට ගමන් ගනිමින් සිටියදී ඊයේ රාත්‍රී 9.30 ට පමණ අනතුරට ලක්ව තිබුණා.

ඒ ඔවුන් ගමන් ගත් කැබ් රථයෙහි වන අලියෙකු ගැටීමෙන්. කැබ් රථයේ ගැටුණු අලියා එම රථය මතට පෙරළීමෙන් කැබ් රථයට ද දැඩි අලාභ හානි සිදු වූණා.

(වීඩියෝ අයිතිය - හිරු නිවුස්)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now