සමාජ මාධ්‍ය කලඹමින් සුරූපී බොලිවුඩ් නිලි ජැකලීන් ෆර්නැන්ඩස්ගේ රහස් ඡායාරූප කිහිපයක් ලීක් වෙයි (PHOTOS)
ලෝකයක් ආදරය කරන ඉතා ජනප්‍රිය සුරූපී බොලිවුඩ් නිලියක් තමයි ජැකලීන් ෆර්නැන්ඩස් කියලා කියන්නේ. වෘත්තීයව ඇය නිරෑපිකාවක් උනත් බොහෝ දෙනෙක් ඇයව හඳුනා ගත්තේ ඇයගේ බොලිවුඩ් ආගමනයෙන් පසුවයි. නමුත් ඇයගේ විශේෂත්වය තමයි ඇය අපේ රටේ ඉපදුනු කෙනෙක් වීම.
1985 අගෝස්තු 11වන දින අපේ රටේ පියෙකුට හා මැලේසියානු ජාතික මවකට දාව ඇය කොළඹ දී තමයි උපත ලබලා තියෙන්නේ. නමුත් ඇය හැදී වැඩෙන්නේ බහරේන්වල. ඉතින් ඒ වගේම 2006 වසරේ දී ඇය ශ්‍රී ලංකා විශ්ව රූ රැජින බවටද පත් වුණා. කොහොම නමුත් කාලයක් නිහඬව සිටි ඈ ගැන දැන් නැවතත් කතා බහක් ඇතිවෙලා.
ඒ මීට මාස කිහිපයකට පෙර මුදල් වංචාවක් සම්බන්ධයෙන් වරදකරු වූ සුකේෂ් චන්ද්‍රසේකර් විසින් ජැකලින්ට හාදුවක් දෙන ඡායාරූපයක් ඉන්දීය මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීමත් සමගයි. කොහොම නමුත් ජැකලීන් ප්‍රසිද්ධ නාළිකාවකට පවසා තිබුණේ තමාත් සුකේෂ් අතරත් කිසිදු ආකාරයක සම්බන්ධයක් නැති බවයි.
නමුත් ඉන්ඩියා ටුඩේ වෙබ් අඩවිය මගින් ඔවුන් දෙදෙනා නාන කාමරයක සිප වැළඳ ගන්නා ආකාරයේ ඡායාරූපයක් ප්‍රසිද්ධියට පත් කර තිබුණා. ඉතින් ඒ වගේම ඉන්ඩියා ටුඩේ වෙබ් අඩවිය මගින් ප්‍රසිද්ධියට පත් කළ ඡායාරූපය සමග ගත් iPhone 12 Pro ජංගම දුරකථනය ගැනත් රහස් තොරතුරු බොහොමයක් කරළියට පැමිණියා.
මෙම දුරකථනය සුකේෂ් විසින් මුදල් වංචා සිදුකිරීමට භාවිතයට ගත් එකක් බව ඉන්දීය මැතිවරණ කොමිසම පවසනවා. ඒ සඳහා ඔහු භාවිත කර තිබුණේ ඊශ්‍රායල සිම් කාඩ්පතක් බවත් පවසනවා. ඊට අමතරව, සුකේෂ් බන්ධනාගාරගතව සිටින කාලයේදී බන්ධනාගාර නිලධාරීන්ව රවටා අනවසරයෙන් ළඟ තබා ගෙන සිටියේද මේ ජංගම දුරකථනය බවත් ඔවුන් වැඩිදුරටත් පවසනවා.
සමාජ මාධ්‍ය කලඹවමින් ඉන්දීය පුවත්පත්වල ප්‍රධාන සිරස්තලයක් වූ ජැකීගේ හාදුවට අලුතින්ම පැටලුණු කතාව වූයේ සුකේෂ්ගේ අනියම් සම්බන්ධය ජැකී බවයි. කොහොම නමුත් එයට හේතුව වූයේ සුකේෂ් ඒ වනවිටත් විවාහ වී සිටි තැනැත්තෙක් නිසාය. ඔහුගේ බිරිඳ වූයේ රංගන ශිල්පිනී ලීනා මාරියා පෝල්ය. ඔවුන් දෙදෙනාම ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ කෝටි 200ක මුදල් වංචාවක් සම්බන්ධවයි.
ඉතින් ඒ වගේම ජැකලින් චෙන්නායිහි දී සිව් වතාවක් සුකේෂ්ව හමු වී තිබූ අතර ඇයට ඇයගේ වැඩ කටයුතු සඳහා යාමට ඒමට පෞද්ගලික ජෙට් යානයක් පවා ලබාදී තිබුණේ සුකේෂ් චන්ද්‍රසේකර් විසින් බව පවසනවා. ඉතින් ඒ බව තහවුරු කළේ ඉන්දීය මැතිවරණ කොමිසමේ නිලධාරීන් විසින්.
මේ අතර සුකේෂ්ගේ නීතිඥවරයා මාධ්‍යයට පවසා තිබුණේ ජැකලින් සහ ඔහු අතර පෙම් සබඳතාවක් තිබූ බවයි. නමුත් ජැකලින්ගේ ප්‍රකාශිකාවක් සඳහන් කළේ මේ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යක් බවයි.












