ජනතාවට වැඩ කරන්න හදිසි නීතියේ අවශ්‍යතාවයක් නැහැ,, දැන් කරන්නේ අවශ්‍යතා මර්ධනය කරන එක මන්ත්‍රී අලවතුලගෙන් චෝදනා

Report

හදිසි නීතිය පැනවීම සඳහා විපක්ෂය තදින් විරුද්ධ වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා සදහන් කර තිබේ .

ඒ අද දිනයේ (06) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි

මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ රජය හදිසි නීතිය ගෙන ඒමට කටයුතු කරන්නේ මර්දනය සිදු කිරීමට බවයි.

ඉරාන නැව ගැන ජනපති අනුර ගත් තීරණයට නාමල්ගෙන් පැසසුම්

ඉරාන නැව ගැන ජනපති අනුර ගත් තීරණයට නාමල්ගෙන් පැසසුම්

  මේ සම්බන්ධව තව දුරටත් එතුමා සදහන් කළේ මෙවන් අදහසක්

'' තෙල් පෝලිමක් තිබ්බා එවැනි අවශ්‍යතා ඉදිරියෙදී සපුර ගන්න බැරිවෙයි අන්න ඒ නිසා හදිසි නීතිය දානවා වගේ කතාවක් මට තේරුණේ. අපට පේන්නේ නැහැ කිසිම අවශ්‍යතාවයක් හදිසි නීතිය දාන්න. අවුරුදු 70කට බැනලා දොස් පවරලා . බලය ගත්තට පස්සේ විපක්ෂයට බැනලා ජනතාවට යම් යම් තැන් වලදී දෝෂාරෝපනය කරලා රාජ්‍ය නිළධාරීන්ට දෝෂාරෝපනය කරලා අන්තිමට මේ රටටත් හුණ්ඩුව කියලා අපවාදයට ලක්කරන්න උත්සාහ කරනවා . තමුන්නාන්සේලා මේ හදිසි නීතිය පාවිච්චි කරන්නේ ජනතාවගේ අවශ්‍යතා මර්ධනය කරන්න .පැහැදිළිව දිත්වා වලට සහන දෙන්න හදිසි නීතියේ අවශ්‍යතාවයක් නැහැ. රාජ්‍ය නිළධාරීන් හරහා ඒ කටයුතු ක‍රන්න පුළුවන්කම තියෙන්න ඕනේ .කියපු දේවල් නොකරනවනම් තමයි හදිසි නීතිය අවශ්‍ය වෙන්නේ ,,

ඉන්දියාව අන්තිම මොහොතේ දෙවැනි ඉරාන නැව ලංකාවට පාස් කරපු හේතුව කියලා චාමර ජනපතිටත් අමතයි - නාවික හමුදාපති කියපු දේකුත් පත්තුවෙලා

ඉන්දියාව අන්තිම මොහොතේ දෙවැනි ඉරාන නැව ලංකාවට පාස් කරපු හේතුව කියලා චාමර ජනපතිටත් අමතයි - නාවික හමුදාපති කියපු දේකුත් පත්තුවෙලා