ඉතාලියේ යානික් සිනර් විම්බල්ඩන් ශුරතාව දිනා ගනී

By Hashini Jul 14, 2025 03:21 AM GMT
Report

ස්පාඤ්ඤයේ කාලෝස් අල්කාරස් පරාජය කර මෙවර විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ කේවල පිරිමි ශූරතාව දිනාගැනීමට ඉතාලියේ යානික් සිනර් සමත් විය.

මෙරට වේලාවෙන් ඊයේ (13) රාත්‍රියේ පැවති අවසන් මහා තරගයේදී අල්කාරස් තරග වට 3-1 (4-6, 6-4, 6-4, 6-4)ක් ලෙස පහසුවෙන් පරාජය කිරීමට සිනර්ට හැකිවිය.

නාවින්නේ බස් රථ අනතුරක්

නාවින්නේ බස් රථ අනතුරක්

වසර 148ක තරග ඉතිහාසයේ ඉතාලි ජාතිකයෙකු දිනූ පළමු කිරුළ ලෙස මෙන්ම මෙය 23 හැවිරිදි සිනර් දිනූ පළමු විම්බල්ඩන් කිරුළ ලෙසද වාර්තා අතරට එක්විය. මෙය සිනර්ගේ 4වන ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව ද වනවා.

අල්කාරස් ලැබු පරාජයත් සමග ඔහුට විම්බල්ඩන් ත්‍රිත්ව ශූරතා දිනාගැනීමට තිබු අවස්ථාව අහිවි වී ගියේය.

ඔහු අවසන් වරට පැවති අදියර දෙකම ජයග්‍රහණය කර තිබුණි. 

තිරිසන් වැඩ කරන්න එපා..අවජාතක දරැවා කාගෙද? වහාම අත්අඩංගුවට ගන්න කියලා කට ගන්න හම්බුන් නෑ මදැයි පියුමිට වුණ වැඩක්

තිරිසන් වැඩ කරන්න එපා..අවජාතක දරැවා කාගෙද? වහාම අත්අඩංගුවට ගන්න කියලා කට ගන්න හම්බුන් නෑ මදැයි පියුමිට වුණ වැඩක්