තෙල් මිල පාලනය කරයි - තෙල් බැරල් මිලියන 9ක සංචිතයක් මුදා හරී

Report

ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල වේගයෙන් ඉහළ යාම පාලනය කිරීමේ අරමුණින්, ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ (IEA) සාමාජික රටවල් ගෙන ඇති සාමූහික තීරණයට සහය දක්වමින්, ඉතාලිය තෙල් බැරල් මිලියන නවයක් (09) තම උපායමාර්ගික සංචිතවලින් මුදාහැරීමට පියවර ගෙන තිබේ, යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉතාලි රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව, මෙම තෙල් තොගය "වහාම ක්‍රියාත්මක වන පරිදි" වෙළඳපොළට නිකුත් කිරීමට නියමිත බව වැඩිදුරටත් සඳහන් වේ.

සිදු නොවිය යුතු දෙයක් සිදුවෙලා - ජෙරුසලමේ අල් අක්සා පල්ලිය වසයි - මුස්ලිම් රටවල් 8ක් එකතුවෙයි

සිදු නොවිය යුතු දෙයක් සිදුවෙලා - ජෙරුසලමේ අල් අක්සා පල්ලිය වසයි - මුස්ලිම් රටවල් 8ක් එකතුවෙයි

ඒ අනුව ඊයේ (11) IEA ගෝලීය වෙළඳපොළට තෙල් බැරල් මිලියන 400ක් මුදාහැරීමට නිර්දේශ කළ අතර, එය එම ඒජන්සියේ ඉතිහාසය තුළ සිදු කෙරෙන විශාලතම සාමූහික තෙල් මුදාහැරීම ලෙස සැලකේ.

ඉතාලියේ මෙම තීරණය එම වැඩපිළිවෙළේම කොටසක් බවත් සඳහන් වේ.

බහරේනය තුළ නොනවත්වා සයිරන් - අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක වේ

බහරේනය තුළ නොනවත්වා සයිරන් - අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක වේ

ඒ අනුව මෙම හදිසි පියවරේ ප්‍රධාන අරමුණ වන්නේ,ඇමරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් ගෝලීය තෙල් සැපයුමට ඇති බාධා මැඩලීම සහ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම පාලනය කරමින් බලශක්ති වෙළඳපොළ ස්ථාවර කිරීමයි.