මන්ත්‍රී නාමල්ගෙන් ආණ්ඩුවට කිණ්ඩියක්.... අවුරුදු 65ක් ?

Namal Rajapaksa Sri Lanka Sri Lanka Podujana Peramuna Singapore Sinhala news
By Akash Apr 09, 2025 04:42 AM GMT
Akash

Akash

Report

මේවන විට සිංගප්පුරුවේ පවතින ආර්ථික මට්ටමට යාමට නම් මෙයට වඩා වේගයෙන් ගමන් කළ යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

තීරුබදු අවුල - සාකච්ඡා කරන්න ලංකාවෙන් කණ්ඩායමක් අමෙරිකාවට!

තීරුබදු අවුල - සාකච්ඡා කරන්න ලංකාවෙන් කණ්ඩායමක් අමෙරිකාවට!

ඔහු කියා සිටියේ මන්දගාමී ලෙස යාමෙන් සිංගප්පුරුවේ පවතින ආර්ථික මට්ටමට යාමට තවත් වසර 65ක් පමණ ගත වන බවයි.

ඇමෙරිකානු බද්දෙන් ආරක්ෂා වීමට එකම විකල්පය මෙන්න - හිටපු ජනපති කියයි

ඇමෙරිකානු බද්දෙන් ආරක්ෂා වීමට එකම විකල්පය මෙන්න - හිටපු ජනපති කියයි

''අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. මේ තියන ප්‍රතිපත්ති මාලාව ඇතුලේ පැහැදිලිවම අපට දැනෙන්නේ ආනයනය මත රාජ්‍ය ආදායම උත්පාදනය කරන ක්‍රමවේදයක් ආණ්ඩුව අනුගමනය කරන බවයි.පහුගිය ආණ්ඩුවේ ගත් ණය, අයි.එම්.එෆ් එකඟතා ආදී කතා ගැන ඔබලා කතා කරනවා.ආණ්ඩුවක් වුණාම මේ ඔක්කොටම මූණ දෙන්න ඕන. ඉතිහාසයේ දේවල් නිවැරදි කරගන්නත් එක්ක තමයි ඔබලාට බලය දෙන්නේ. අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යනවා.ඒ සඳහා ආණ්ඩුව රැඩිකල් තීරණ ගන්න ඕන.හිටපු ජනාධිපතිවරුන්ගේ වියදම් කප්පාදුවෙන් කීයක් ඉතුරු වුණාද?ජනතාව බලාපොරොත්තු වන පරිවර්තනයට යන්න නම් අයි.එම්.එෆ් තීරණ ඇතුලේ පවා රැඩිකල් තීන්දු ගන්න වෙනවා යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා කීය.''

ReeCha