ඉරානේ පාලනය කරන්න එන ඕනෑම අනුප්‍රාප්තිකයෙක් ඝාතනයේ ඉලක්කයක් - ඊශ්‍රායලයෙන් මාරාන්තික අනතුරු ඇඟවීමක්

Report

ටෙහෙරානයට එල්ල වූ එක්සත් ජනපද-ඊශ්‍රායල ඒකාබද්ධ ගුවන් ප්‍රහාරවලින් අයතුල්ලා අලි කමේනි ජීවිතක්ෂයට පත් වූ බවට වාර්තා වීමෙන් පසුව, ඉරානයේ උත්තරීතර නායකයාගේ ඕනෑම අනුප්‍රාප්තිකයෙකු ඝාතනයේ ඉලක්කයක් වශයෙන් සලකන බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් අනතුරු අඟවා ඇත.

ඒ අනුව X හි පළ කරන ලද ප්‍රකාශයක ඊශ්‍රායල් කැට්ස් සඳහන් කළේ ඊශ්‍රායලයට සහ එහි සහචරයින්ට එරෙහි ඉරානයේ ව්‍යාපාරය වශයෙන් ඔහු විස්තර කළ දෙය දිගටම කරගෙන යාමට තෝරා ගන්නා ඕනෑම පුද්ගලයෙකුට මාරාන්තික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවයි.

ඉරානයේ මීළඟ නායකයා කමේනිගේ පුතා? ව්‍යවස්ථා සියල්ල උඩු යටිකුරු කරමින් ගත් තීරණය ගැන ලෝකෙම අවධානය

ඉරානයේ මීළඟ නායකයා කමේනිගේ පුතා? ව්‍යවස්ථා සියල්ල උඩු යටිකුරු කරමින් ගත් තීරණය ගැන ලෝකෙම අවධානය

ඒ අනුව, "ඇමරිකා එක්සත් ජනපදයට සහ නිදහස් ලෝකයට තර්ජනයක් වන ඊශ්‍රායලයේ විනාශය සඳහා සැලැස්ම දිගටම මෙහෙයවීම සඳහා ඉරාන ත්‍රස්තවාදී පාලනය විසින් තෝරා ගන්නා ඕනෑම නායකයෙකු, ඔහුගේ නම හෝ ඔහු සැඟවී සිටින ස්ථානය කුමක් වුවත්, ඝාතනයට නිශ්චිත ඉලක්කයක් වනු ඇත," යනුවෙන් ඔහු පැවසූ බවට AFP උපුටා දක්වා ඇත.

මේ අතර ඉරානයේ විශේෂඥයින්ගේ සභාව මඟින් අලි කමේනිගේ පුත් මොජ්තාබා හොසේනි කමේනි රටේ ඊළඟ උත්තරීතර නායකයා වශයෙන් තේරී පත් වූ බවට ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කළ බව NDTV වාර්තා කරයි.

කෙසේ වෙතත් ඉරාන බලධාරීන් මෙම පත්වීම ප්‍රසිද්ධියේ තහවුරු කර නැත.

ලොවම කළඹපු මරණය, ඉරානයේ අලී කමේනිගේ දේහය උපන් බිමේම මිහිදන් කරන්න යයි - දැවැන්ත සමුගැනීමේ උත්සවයක්

ලොවම කළඹපු මරණය, ඉරානයේ අලී කමේනිගේ දේහය උපන් බිමේම මිහිදන් කරන්න යයි - දැවැන්ත සමුගැනීමේ උත්සවයක්

ඉරානෙට ගහන්න කඳවුරු දුන් නැති නිසා ට්‍රම්ප්ගෙන් තර්ජනයක් - ස්පාඤ්ඤය එක්කත් සතුරු වෙයි

ඉරානෙට ගහන්න කඳවුරු දුන් නැති නිසා ට්‍රම්ප්ගෙන් තර්ජනයක් - ස්පාඤ්ඤය එක්කත් සතුරු වෙයි

"වහාම පිටව යන්න" - පකිස්ථානයටත් අනතුරු ඇගවීම්

"වහාම පිටව යන්න" - පකිස්ථානයටත් අනතුරු ඇගවීම්