යුද්ධේ නවත්වන්න අපේ කිසිම බලාපොරොත්තුවක් නෑ - දිගටම පහර දෙනවා ඉරානෙන් දරුණු තීරණයක්

Report

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඊශ්‍රායල තානාපති ඩැනී ඩැනන් මහතා ප්‍රකාශ කරන්නේ  ඇමෙරිකාව සහ ඉරානය අතර යුද්ධය නැවැත්වීම සඳහා යම් සාකච්ඡාවක් පැවැත්වෙන්නේ නම්, ඒ සඳහා ඊශ්‍රායලයේ කිසිදු මැදිහත්වීමක් හෝ දායකත්වයක් නොමැති බවයි.

එක්සත් ජාතීන්ගේ මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ඔහු අවධාරණය කළේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කණ්ඩායම ඉරාන නායකත්වය සමඟ සිදුකරන බව කියන සාකච්ඡා පිළිබඳව තමන් කිසිවක් නොදන්නා බවයි.

නමුත් එවැනි සාකච්ඡාමය ප්‍රයත්නයන් පවතින පසුබිමක වුවද, ඊශ්‍රායලය සහ ඇමෙරිකාව එක්ව ඉරානයේ හමුදා ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර අඛණ්ඩව ඉදිරියටත් සිදුකරන බව තානාපතිවරයා මෙහිදී පැහැදිලි කළේය.

මේ පාසල් සිසුන්ට සුබම සුබ අරංචියක් - රජයෙන් නොමිලේ විශේෂ පරිත්‍යාගයක්

මේ පාසල් සිසුන්ට සුබම සුබ අරංචියක් - රජයෙන් නොමිලේ විශේෂ පරිත්‍යාගයක්

මේ අතර ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු මහතා පවසා ඇත්තේ ඇමෙරිකාව සමඟ එක්ව එල්ල කරන ප්‍රහාර හමුවේ ඉරාන රජය අඩපණ කිරීමේ වටපිටාව මේ වන විට නිර්මාණය වී ඇති බවයි.

එම ප්‍රහාරයන් හරහා යුදමය වශයෙන් ජයග්‍රහණ රාශියක් අත්පත් කර ගැනීමට ඊශ්‍රායලයට හැකි වී ඇති බවත්, ඉරානයේ යුද ශක්තිය හීන කිරීමට එම ක්‍රියාමාර්ග බෙහෙවින් ඉවහල් වී ඇති බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මුළු ලංකාවටම ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අසුබ ආරංචියක් - ඉදිරියට වෙන දේ ගැන දැනුම්දෙයි

මුළු ලංකාවටම ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අසුබ ආරංචියක් - ඉදිරියට වෙන දේ ගැන දැනුම්දෙයි

කලාපීය සාමය සඳහා වන සාකච්ඡාමය ප්‍රයත්නයන් මධ්‍යයේ වුවද, ඊශ්‍රායලය සිය යුදමය ස්ථාවරය වෙනස් කර නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.