ඊශ්‍රායල අගැමැතිගෙන් යුද්ධය ගැන විශේෂ දැනුම්දීමක්..

Report

තම අරමුණු ඉටුවන තුරු ගාසා තීරයේ සටන් විරාමයක් නොමැති බවට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු මහතා පවසනවා.

හමාස් සංවිධානයේ හමුදා සහ පාලන බලය විනාශ කර ප්‍රාණ ඇපකරුවන් සියලු‍ දෙනා නිදහස් කරගන්නා තුරු ගාසා තීරයේ ස්ථිර සටන් විරාමයකට එකඟ නොවන බවටයි, ඔහු වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ.

රට පුරා සිටින සියලුම දුම්රිය මගීන්ට විශේෂ දැනුම්දීමක්..

රට පුරා සිටින සියලුම දුම්රිය මගීන්ට විශේෂ දැනුම්දීමක්..


ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ, ස්ථීර සටන් විරාමයකට එළැඹීමේ අරමුණින් ඊශ්‍රායලයට සහ හමාස් සංවිධානයට අදියර තුනක සැලැස්මක් යෝජනා කර ඇති බවට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ඊයේ (01) නිවේදනය කිරීමෙන් පසුවයි.

ජෝ බයිඩ්න්ගේ මෙම යෝජනාවලියට හමාස් බලධාරීන්ද එකඟත්වය පළ කර තිබූ අතර, තම අරමුණු ඉටුවන තුරු ගාසා තීරයේ සටන් විරාමයක් නොමැති බවට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අවධාරණය කළ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තහවුරු කළේ.

අද සිට වැස්ස යළි වැඩි වෙයි..ප්‍රදේශ රැසකට අනතුරු ඇඟවීම් නිකුත් කරයි..

අද සිට වැස්ස යළි වැඩි වෙයි..ප්‍රදේශ රැසකට අනතුරු ඇඟවීම් නිකුත් කරයි..


ඔහු වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ, හමාස් සංවිධානයේ හමුදා සහ පාලන බලය විනාශ කර ප්‍රාණ ඇපකරුවන් සියලු‍ දෙනා නිදහස් කරගන්නා තුරු ගාසා තීරයේ ස්ථිර සටන් විරාමයකට එකඟ නොවන බවයි.

ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ, ස්ථීර සටන් විරාමයකට එළැඹීමේ අරමුණින් ඊශ්‍රායලයට සහ හමාස් සංවිධානයට අදියර තුනක සැලැස්මක් යෝජනා කර ඇති බවට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ඊයේ (01) නිවේදනය කිරීමෙන් පසුවයි.

ජෝ බයිඩ්න්ගේ මෙම යෝජනාවලියට හමාස් බලධාරීන්ද එකඟත්වය පළ කර තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩි දුරටත සඳහන් කළේ.