රට පුරා සිටින සියලුම දුම්රිය මගීන්ට විශේෂ දැනුම්දීමක්..

Sri Lanka Railways Train Crash Department of Railways Railways
By Aruna 10 months ago
Aruna

Aruna

Report

දිවයින පුරා පවතින අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා මතුව තිබෙන බව වාර්තා වනවා.

ඒ අනුව, දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව ඇති බවයි.

තරුණ ජිවිත දෙකක් අකාලයේ බිලි වේ.

තරුණ ජිවිත දෙකක් අකාලයේ බිලි වේ.


මේ අතර, අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් කැළණි, කළු සහ ගිං යන ගංගාවල ජල මට්ටම් ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටිනවා.

ඒ අනුව, එම දෙපාර්තමේන්තුව පවසන්නේ, කළු ගඟ ආශ්‍රිතව පෝෂක ප්‍රදේශ වන පැල්මඩුල්ල, නිවිතිගල, රත්නපුර, ඇලපාත, කුරුවිට, අයගම, ඉංගිරිය, හොරණ, දොඩන්ගොඩ සහ මිල්ලනිය යන ප්‍රදේශ සඳහා ගංවතුර අවදානමක් ඇති බවයි.

එමෙන්ම, ගිං ගඟ ආශ්‍රිත පෝෂක ප්‍රදේශයන් වන නෙළුව, තවලම, නාගොඩ, නියාගම, වැලිවිටිය - දිිවිතුර, ඇල්පිටිය, බද්දේගම සහ බෝපේ - පෝද්දල යන ප්‍රදේශ සඳහාත් ගංවතුර අවදානමක් පවතින බවයි නිවේදනය කර ඇත්තේ.

අද සිට වැස්ස යළි වැඩි වෙයි..ප්‍රදේශ රැසකට අනතුරු ඇඟවීම් නිකුත් කරයි..

අද සිට වැස්ස යළි වැඩි වෙයි..ප්‍රදේශ රැසකට අනතුරු ඇඟවීම් නිකුත් කරයි..


එමෙන්ම වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරනු ලබන්නේ, කැළණි ගඟ ආශ්‍රිතව පෝෂක ප්‍රදේශයන් වන රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොලොන්නාව, කොළඹ සහ වත්තල යන ප්‍රදේශ සඳහා ඉදිරි පැය 48 තුළ ගංවතුර අවදානමක් පවතින බවයි.

ReeCha