සති අන්තයේ මුළු දිවයිනටම සංචරණ සීමා පනවයි ද? යුධ හමුදාපති..

Covid Police Shavendra silva Isolating
By Aruna Jul 21, 2021 07:55 AM GMT
Aruna

Aruna

Report

සති අන්තයේ දීර්ඝ නිවාඩුවක් යෙදී තිබුණද රට තුළ දැඩි සංචරණ සීමා පැනවීමේ සූදානමක් නොමැති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

දැනට ක්‍රියාත්මක පළාත් සංචරණ සීමා පමණක් තව දුරටත් ක්‍රියාත්මක බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර නිරෝධායන රෙගුලාසි කඩ කළ පුද්ගලයින් 207 දෙනෙකු ඊයේ දිනයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, පළාත් සංචරණ සීමා උල්ලංඝනය කරමින් බස්නාහිර පළාතෙන් පිටවීමට සහ ඇතුළුවීමට තැත් කළ 261 දෙනෙකු ඊයේ දිනය තුළ ආපසු හරවා යවා ඇති බවයි.

සති අන්ත නිවාඩු දිනවල සියලුම පළාත් මායිම්වල ප්‍රවේශ ස්ථාන සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් යොදවන බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් සඳහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha