දිවයින පුරා සංචරණ සීමා දීර්ඝ කිරීමට හේතුව මෙන්න.
පළාත් අතර සංචරණ සීමා තවදුරටත් දීර්ඝ කිරීමට සහ දුම්රිය ධාවනය ප්‍රමාද කිරීමට හේතු වී ඇත්තේ රට තුළ ඩීසල් හිගයක් පැවතීම තිබීම බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කරයි.
එම ඩීසල් හිගය ජනතාවගෙන් වසන් කිරීම සඳහා දුම්රිය ධාවනය පමා කිරීමටත් සංචරණ සීමා තවදුරටත් දීර්ඝ කිරීමටත් ආණ්ඩුව පියවර ගෙන තිබෙන බවද ඔහු පැවසීය.
කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
මේ අතර එන්නත් වර්ග මිශ්‍රවීමෙන් වඩා ඉහළ ප්‍රතිශක්තියක් ගොඩනගන බව නව අධ්‍යයන 3කින් හෙළිවී තිබේ.
ප්‍රංශය, ඩෙන්මාර්කය සහ ස්වීඩනයේ සිදුකළ කොවිඩ් මර්දන එන්නත් මිශ්‍රකරණය සම්බන්ධයෙන් නව අධ්‍යයන 3ක් මේ වනවිට එළිදක්වා ඇත.
එහිදී අනාවරණ වී ඇත්තේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත සමග MRNA එන්නත් වන ෆයිසර් හෝ මොඩර්නා යන එන්නත් මිශ්‍ර කිරීමෙන් වඩා ඉහළ ප්‍රතිශක්තියක් ලැබෙන බවය.
මේ අතර ලෝකයේ සෙසු රටවල පැතිරයන ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය ශ්‍රී ලංකාවේද පැතිර යාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවති.
ඔවුන් පෙන්වා දෙන්නේ ධීවර හෝ නාවුක ප්‍රජාව හරහා මෙම ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය මෙරට පැතිරයෑමේ අවදානමක් ඇති බවය. ඒ හේතුවෙන් සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ, ජනතාව තවදුරටත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් කටයුතු කිරීම වැදගත් බවය.
මේ අතර පළාත් ඇතුළත දුම්රිය ධාවනය ලබන සඳුදා සිට ආරම්භ කෙරේ.
එදිනට දුම්රිය 133ක් ධාවනයට එක්කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය.
"මාසික දුම්රිය වාර ප්‍රවේශපත්‍ර භාවිතා කරන දුම්රිය මගීන් සඳහා පමණක් අපි සේවය ලබා දෙනවා.
කොළඹට පැමිණෙන දුම්රිය අලුත්ගම, අවිස්සාවේල්ල, අඹේපුස්ස සහ කොච්චිකඩේ සිට පමණක් ධාවනය වෙනවා."
ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කියූ අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න. |