මෙරට සංචරණ සීමා යළි වෙනස් වෙයි.. අලුත්ම තීරණය මෙන්න.

Sri Lanka Isolating Gotabaya Rajapakshe
By Aruna Oct 20, 2021 07:28 AM GMT
Aruna

Aruna

Report

අන්තර් පළාත් සංචාරක සීමා ඔක්තෝබර් 31 දක්වා තවදුරටත් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා අදාළ බලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

ඒ අනුව හෙට දිනය දක්වා බලපැවැත්වෙන පරිදි පනවා තිබු පළාත් අතර සංචරණ සීමාවන් මෙම මස 31 වෙනිදා දක්වා දීර්ඝ කිරිමට කටයුතු කර ඇති බවයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.

මේ අතර කොවිඩ් පැතිරීම වළක්වා ගැනීම සඳහා තවදුරටත් අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුගතවීම සහ ඒවා පිළිපැදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා.

දීර්ඝ නිවාඩු කාලය තුළ ඇතැම් ජනතාව පළාත් සංචරණ සීමා උල්ලංඝනය කරමින් වෙනත් ප්‍රදේශවලට ගොස් ඇති බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now