නැවත සංචරණ සීමා පනවන්න වන බව දන්වයි…ආසාදිතයින්ගේ අඩුවක් නැහැ..

Sri lanka Doctors Isolating
By Aruna Jul 12, 2021 09:04 AM GMT
Aruna

Aruna

Report

ජනතාව නිසි පරිදි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු නොකළහොත් නැවතත් සංචාරණ සීමා පැනවීමට සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.

නව සෞඛ්‍ය මාර්ගෝපදේශය යටතේ සංචරණ සීමා ලිහිල් කරන ලද්දේ කොරෝනා ආසාදිතයන් අඩුවක් නිසා නොවන බවද ඒ මහතා පැවසීය.

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංචරණ සීමා ලිහිල් කරන ලද්දේ රටේ පවතින ආර්ථික තත්ත්වය සහ දෛනික ජන ජීවිතය අඩාල වීම පිළිබඳව වැඩි සැලකිල්ලකට ගනිමින් බවද ඒ මහතා පවසයි.

ජනතාව පවතින තත්ත්වය පිළිබඳව ප්‍රවේශමෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවද ඔහු කියා සිටියේය.

සංචාර සීමා ලිහිල් වූවද ජනතාව සෑම විටම සෞඛ්‍ය නීති රීති අනුව ම කටයුතු කිරීම ඉතා වැදගත් වේ ද ඔහු තවදුරටත් කීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha