සංචරණ සීමා 30 දක්වා දිග්වෙන ලකුණු..අලුත්ම ආරංචිය මෙන්න.

Covid Police Shavendra Silva Sri Lanka Isolating
By Aruna Jun 13, 2021 06:51 AM GMT
Aruna

Aruna

Report

සදුදා වෙන කොට මරණ අඩු නොවුනොත් ශවේන්ද්‍ර කිව්ව දේ වෙනස් වේ.

ලබන සඳුදා (21 වැනිදා) වන විට කොවිඩ් මරණ අඩු නොවුණහොත් ලබන 30 දක්වාම සංචරණ සීමා දීර්ඝ කිරීමට ආණ්ඩුවේ අවධානය ද යොමුව තිබේ.

සංචරණ සීමා ලබන සඳුදා (14 වැනිදා) අලුයම 4.00 ඉවත් කරන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා බ්‍රහස්පතින්දා (10 වැනිදා) ප්‍රකාශ කළත් ලබන 21 වැනිදා දක්වා සංචරණ සීමා දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත.

මෙම සංචරණ සීමා මැයි මස 21 වැනිදා දක්වා ක්‍රියාත්මක වෙයි. මේ අතර ජනතාවට ජංගම සේවා සහ ස.තො.ස. මගින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගත හැකි වන අතර දිවයිනපුරා ස.තො.ස. ශාඛා විවෘතව පවතින බව වෙළෙඳ අමාත්‍යාංශය කියයි.

දිවයින පුරා සියලුම ආර්ථික මධ්‍යස්ථාන ඊයේ (12 වැනිදා) සහ අද (13 වැනිදා) තොග වෙළෙඳාම සඳහා විවෘත කර ඇත. මෙරට සිදු වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 2011 වන අතර පසුගිය සිකුරාදා (11 වැනිදා) මරණ 101ක් වාර්තා විය.

ඉන් මරණ 30ක්ම නිවාසවල සිදු වූ මරණ වේ.

මේ අතර ඊයේ දිනයේ මෙරටින් කොවිඩ් මරණ 63ක් වූ අතර, මේ වන විට මෙරටින් වාර්තා වූ සමස්ථ මරණ ගණන 2136ක් වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now