ජුනි 14 රටම විවෘත කරනවාද?
පවතින සංචරණ සීමා මැද ජනතාව නිවසටම වී රැඳී සිටින්නේ නම් එළඹෙන 14 වනදායින් පසු යම් ආකාරයකට රට විවෘත කිරීමට හැකියාවක් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.ඒ හේතුවෙන් නිරෝධායන රීති ආරක්ෂා කරමින් කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීමට සෞඛ්‍ය අංශ වෙත සහයෝගය ලබාදෙන ලෙසයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සියේ.
මේ අතර නිරෝධායන රීති උල්ලංඝනය කිරීම හේතුවෙන් ඊයේ (04) දිනය තුළ පුද්ගලයින් 975ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එමෙන්ම බස්නාහිර පළාතට ඇතුළුවන සහ පිටවන ස්ථාන 14කදී සිදු කෙරුණු වාහන පරීක්ෂාවන්වලදී වාහන 139ක් පළාත් සංචරණ සීමා උල්ලංඝනය කිරීමට උත්සාහ කිරීමේදී ආපසු හරවා යවා තිබෙනවා.
ඊයේ උදෑසන 6.30 සිට 9.30 දක්වා කොළඹ නගරයට ඇතුළු වූ වාහන සංඛ්‍යාව 59,280 ක්. ඊයේ දිනයේත් වැඩිපුරම කොළඹ නගරයට ඇතුළු වී ඇත්තේ බැංකු සහ මූල්‍ය ආයතනවලට අදාළ වාහන බවයි අජිත් රෝහණ මහතා පැවසුවේ.
එම වාහන සංඛ්‍යාව 16,282ක්. නිරෝධායන රීති ක්‍රියාත්මක වූ දින සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 22,950ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |