කොවිඩ් අවදානම් - වහා නගර කිහිපයක් වසා දමයි

Sri lanka Rathnapura
By Sithumi Aug 16, 2021 04:14 PM GMT
Sithumi

Sithumi

Report

සීඝ්‍රයෙන් ව්‍යාප්තවන කොවිඩ් -19 තත්ත්වය හමුවේ තවත් නගර දෙකක වෙළෙඳසැල් වසාදමා එම නගර තුළ සංචරණය සීමා කිරීමට වෙළෙඳසැල්හිමියන් කටයුතු කර තිබේ.

අප වාර්තාකරුවන් පැවසුවේ අම්බලන්ගොඩ නගරය වසා දැමීමට වෙළෙඳසැල් හිමියන් සහ ගම්වාසීන් විසින් තීරණය කළ බවය. එමෙන්ම රත්නපුර නගරය හෙට සිට වසා දැමීමට එහි ප්‍රදේශවාසීන් සහ වෙළෙඳසැල් හිමියන් තීරණය කර ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

මේ අතර පළාත් සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මවීමත් සමග අදත් පළාත් සීමා අතර දැඩි පරීක්ෂා කිරීම් අද (16) සිදුකෙරුණි. එම සීමා නොතකා නීතිවිරෝධී අයුරින් ධාවනය වූ බස් රථ රැසක් පොලිසිය විසින් සිය භාරයට ගෙන ඇති බව වාර්තා වෙයි. මේ අතර පළාත් සීමා වෙන්කෙරෙන පාළම් මතින් ජනතාව පළාත් අතර එහා මෙහා මාරුවන බව අප වාර්තා කරුවන් පැවසීය.