පොලිසිය සැර වෙයි - රට පුරා දැවැන්ත මෙහෙයුම් - අපරාධකරුවන් පොලිස් දැලේ

Report

ඊයේ (17) දිනයේ දී පමණක් දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය මැඩලීමේ මෙහෙයුම යටතේ පුද්ගලයින් 27,474 දෙනෙකු පරීක්ෂා කර ඇත. ඊයේ (17) දිනයේ දී සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 641ක් වන අතර අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් ගණන 10ක් වේ.

වරෙන්තුකරුවන් 315 දෙනෙකු සහ විවෘත වරෙන්තුකරුවන් 169 දෙනෙකු ද ඒ අතර වේ. බීමත් රියදුරන් 142නෙකු සහ අපරීක්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන් 115 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසියෙන් ශ්‍රී ලාංකිකයන්ට විශේෂ නිවේදනයක් - මාරක අනතුරකින් ප්‍රවේශම් වීමට උපදෙස්

පොලිසියෙන් ශ්‍රී ලාංකිකයන්ට විශේෂ නිවේදනයක් - මාරක අනතුරකින් ප්‍රවේශම් වීමට උපදෙස්

වෙනත් රථ වාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 4,185 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබේ. මේ අතර වැටලීම් 1,044ක් සිදුකරමින් මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමේ දීපව්‍යාප්ත මෙහෙයුම යටතේ ඊයේ (17) දිනයේ සැකකරුවන් 1,039 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

6 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන තිබේ. පුනරුත්ථාපනයට ද 5 දෙනෙකු යොමු කෙරුණා. එක් අයෙකු සම්බන්ධයෙන් නීතිවිරෝධී වත්කම් විමර්ශන ආරම්භ කර තිබේ. මෙම වැටලීම්වල දී හෙරෝයින් ග්‍රෑම් 460ක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 656ක් මත් පෙති 993ක් ඇතුළුව මත්ද්‍රව්‍ය පොලිස් භාරයට ගෙන තිබේ.