ඉස්ලාමීය සන්නද්ධ ප්‍රහාරයකින් 41 දෙනෙකු ජීවිතක්ෂයට..දින දෙකක ශෝක කාලයක්.(විදෙස්)
අප්‍රිකානු බර්කිනා - ෆාසෝ රාජ්‍යයේ උතුරුදිග කාන්තාර ප්‍රදේශයේදී ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායම විසින් එල්ල කළ ප්‍රහාරයකින් රජයේ සහය ලබන සිවිල් ආරක්ෂක කණ්ඩායම්වල 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඒ හේතුවෙන් බලධාරීන් විසින් දින දෙකක ශෝක කාලයක් ද ප්‍රකාශයට පත් කළා.
එම සිද්ධිය වාර්තාවන්නේ බර්කිනා ෆාසෝ රජයේ හමුදා සාමාජිකයන් 53 දෙනෙකු ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායම් වල ප්‍රහාරයකින් මියගොස් මසක් ඇතුළතයි.
අල්කයිඩා සහ අයි.එස්. අනුගාමික සන්නද්ධ කණ්ඩායම් බර්කිනා ෆාසෝ, නයිජර් සහ මාලි යන අප්‍රිකානු රාජ්‍යයන් හි රජයේ හමුදා වෙත මෙවැනි ප්‍රහාර විටින් විට එල්ල කරනු ලබනවා.
ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායම් මර්දනය කිරීමට ප්‍රමාණවත් පියවර නොගන්නා බව පවසමින් බර්කිනා ෆාසෝ රාජ්‍යයේ ජනතා උද්ඝෝෂණද පැවැත්වුණා.
ඔවුන් අප්‍රිකානු සහෙල් කලාපයේ එල්ල කරන ප්‍රහාරවලින් මේ වනවිට දහස් සංඛ්‍යාත පිරිසක් මියගොස් ඇති අතර, මිලියනයකට අධික පිරිසකට උන්හිටිතැන් අහිමිවී තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |