මහ මොළකාරී වුණ සෙව්වන්දිට මොකද්ද වුනේ?

Sri Lanka Police Crime Law and Order
By Shehan Mar 25, 2025 03:12 AM GMT
Shehan

Shehan

Report

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සෙව්වන්දි නමැති මහ මොළකාරිය තවමත් සොයමින් පවතිද්දී, වෙඩික්කරුට අධිකරණ ශාලාව පෙන්වූ පුද්ගලයාට සිදු වූ ඉරණම මෙසේය.

පසුගියදා සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස හඳුන්වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව නමැත්තාට වෙඩි තබා ඝාතනය කරන ලදී.

ඔබටත් ක්ෂය රෝග ලක්ෂණ තිබේ නම් HIV ආසාදනය වීමේ අවදානමක්!

ඔබටත් ක්ෂය රෝග ලක්ෂණ තිබේ නම් HIV ආසාදනය වීමේ අවදානමක්!

එහිදී වෙඩික්කරුට අධිකරණ සංකීර්ණයේ පිහිටි අධිකරණ ශාලාවන් පෙන්වූ බවට චෝදනාවක් මත පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනිණි. එම සැකකරු රිමාන්ඩ් භාරයේ තබන ලෙස අධිකරණය විසින් නියෝග කරන ලදී.

මාර්තු 21 වන දින කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මාදම්පිටිය ප්‍රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගන්නා ලදී. ඒ අනුව, 23 හැවිරිදි ජූලියන් මාදවන් නමැති සැකකරු ලබන 04 වන දින දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

අනුරාධපුර වෛද්‍යවරිය දුෂණය කළ සැකකරුට වුණ දේ

අනුරාධපුර වෛද්‍යවරිය දුෂණය කළ සැකකරුට වුණ දේ

මෙය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ අධිකරණ ශාලාවන් පෙන්වා මනුෂ්‍ය ඝාතනයකට සහාය දැක්වීමේ චෝදනාව මත සිදු වූවකි. කෙසේ නමුත්, මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මේ අතරතුර, මෙහි මහ මොළකාරිය ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දි සොයා තවදුරටත් පුළුල් විමර්ශනයක් පවත්වා ඇත.

ReeCha