අපේ තාත්තා සිල්ලර බඩු කඩයක් දාලා අපිට ඉගැන්නුවේ දැන් අපි සැප විදින කාලේ තාත්තා අපිත් එක්ක නෑ – දෙවෙනි ඉනිමේ රදීෂ් (PHOTOS )

Sri Lanka Actors Sri Lankan Actor
By Sithumi Aug 13, 2022 04:10 PM GMT
Sithumi

Sithumi

Report

දෙවෙනි ඉනිම කියන්නේ අපේ ප්‍රේක්ෂකයන් කොයි කවුරුත් දන්න ටෙලි නාට්‍යයක්. ඉතින් දෙරණ නාලිකාවේ විකාශය වන මෙම ටෙලිනාට්‍යයට ආදරය කරන ප්‍රේක්ෂකයන් වගේම එයට විවිධ දේ කියන ප්‍රේක්ෂකයනුත් නැතුවාම නොවේ. ඉතින් කාලෙන් කාලෙට වෙනස් වන මෙම ටෙලිනාට්‍යයට අලුත් අය එනවා වගේම ඉන්න සමහරක් යනවා.

ඉතින් ඔය විදියට ගාලගෙන යන දෙවෙනි ඉනිම කතාවට මැදින් එකතු වුණ කඩවසම් නලුවෙක් ඉන්නවා. ඔහු තමයි රදීෂ් කියන්නේ. දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයට මගකින් එකතු වුන රදීෂ් ලිහිනිගේ ආදරය ඉල්ලමින් ආදරණීය පෙම්වතෙක් විදියටයි අපි දකින්නේ. ඉතින් මේ රදීෂ් කියන කඩවසම් නලුවා තමයි ඉෂාර මදුෂාන්. ඔහු ගැන ගොඩක් දෙනෙක් හොයන්න පටන් ගත්තේ දෙවෙනි ඉනිමට අලුතෙන් ආපු මේ කඩවසම් රංගන ශිල්පියා කවුද කියලා. ඉෂාර කියන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජීනේරුවෙකු ලෙස උපාධිය ලබා ගත්ත අති දක්ෂ කෙනෙක්. ඒ වගේම ඔහු මේ වනවිට ගුරුවරයෙක් විදියට දරුවන්ට උගන්වනවා.

ඉතින් මේ වෘත්තීන් තුනම හරි ආසාවෙන් කරන ඉෂාර ගැන රංගන ශිල්පියෙක්ට වඩා ඉතා ගුණයහපත් ගුරුවරයෙක් විදියට විදියට දැන් අපි ඔහුව අදුනාගන්නවා. මොකද ආර්ථික මට්ටමින් අග හිගකම් තියෙන දුවා දරුවන්ට ඔහු නොමිලේ ඉගැන්වීම ඉතාමත් අගය කල යුතු කරුණක්. ඉතින් අද වනවිට ඉංජිනේරුවෙකු විදියට අපි දකින ඉෂාරගේ නොදුටු පැත්තක් තියෙනවා. ඉතින් ඒ ගැන ඔහු යූ ටියුබ් මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි. ” ඉස්සර අපිට ඉන්න ගෙයක් තිබුණෙ නෑ. අපේ තාත්තා සිල්ලර බඩු කඩයක් දාලා තමයි අපිට ඉගැන්නුවේ.

අපි ඒ කඩේ පිටිපස්සෙ කෑල්ලේ තමයි හිටියේ. අපේ අම්මත් රැකියාවක් කලේ නෑ. අපේ තාත්තා අට වසරට ඉගෙනගෙන තියෙන්නේ. ඉතින් අද මම ඉංජිනේරුවෙක්. මගේ ලොකු අයියා, චූටි අයියා, අක්කා අපි හතර දෙනාටම තාත්තලා දුක් මහන්සි වෙලා ඉගැන්නුවේ. ඉතින් අපි අද ආර්ථික මට්ටමින් ඉහල තැනක ඉන්නේ අපේ තාත්තා අපිට දුක් මහන්සි වෙලා උගන්නපු නිසා. නමුත් අපිට අද තාත්තට සලකන්න තාත්තා අපි අතර නෑ. අපේ ලොකු අයියා පොඩි අයියට උගන්නන්න කොන්ක්‍රිට් වැඩපලක වැඩට ගියා. එහෙම ඉගෙනගෙන අපේ පොඩි අයියා රට ගිහින් එයාට ලැබුණු ශිෂ්‍යත්වෙන් මට සල්ලි ටිකක් දීලා ඒකෙන් මම ඉගෙන ගත්තා. එහෙම තමයි අපි ඉගෙන ගත්තේ. ඉතින් ඉගෙන ගන්න ආස ඒත් ආර්ථිකය අතින් අඩු දරුවන්ට මම නොමිලේ පන්ති කරනවා.

මට තේරෙනවා ඒ සිසුන්ගේ මානසික මට්ටම. මම කරන වෘත්තීන් තුනටම මම ආදරෙයි සහ ආසාවෙන් කරන්නේ. මම කියන්නේ රංගන ශිල්පියෙක් විදියට අධ්‍යාපනය අවශ්‍යම නෑ. ඒ වුනාට රංගන ශිල්පියෙක් ට අධ්‍යාපනය තියෙයිනම් ඒ කෙනාට වැදගත්කමක් තියෙනවා.” ඉතින් නලුවෙක්ට එහා ගිය ආදරශමත් ගුරුදරයෙක් තමයි ඉෂාර කියන්නේ. ඉතින් ඔහුගේ ජීවිතයේ අපි නොදුටු පැතිකඩ තමයි මේ. ඉතින් ඔහු කරන මේ සමාජශීලී ක්‍රියාවන් වලට සහ සියලුම ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියා අපිත් හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු




GalleryGalleryGalleryGalleryGalleryGallery