"..අම්මලාගේ චරිත කරාට මම තාම චූටී.." කා අතරත් ජනප්‍රිය සුරූපී නිළි ඉෂානී..(PHOTOS)

actress gossip Ishani Upeksha Aruni Dheweni Inima
By Sewvandhi Jan 25, 2022 08:09 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඉශානි විජේතුංග කියන්නේ අපට එතරම් දකින්න නොලැබෙන චරිතයක් වුනත් දෙවනි ඉනිම ඔස්සේ ඇයගේ රංගනය දකින්න ලැබුනා. ඒ විතරක් නෙවෙයි මේ නිසා රටේම ඉහල ජනප්‍රියත්වයක් ලබාගන්නත් රසික ආදරෙත් නොඅඩුවම ලබාගන්නත් ඇයට හැකිවෙනවා.

ඇත්ත නම ඉශානි වුනාට ඇය හැමෝම අතරේ ප්‍රසිද්ද වුනේ අරුණි කියන නමිනුයි. ඉතින් කාලෙකට පස්සේ ඇයගේ අලුත් වැඩ කටයුතු මොනවද කියලා දැනගන්නත් එක්ක ඉශානිත් එක්ක පුංචි කතාබහකට එකතු වුනා.

දෙවැනි ඉනිම ටෙලිනාට්‍යයේ අරුණි ලෙසින් අප අතරට පැමිණි ඇයගේ සම්පුර්ණ නම ඉශානි උපේක්ෂා විජේතුංග. අදටත් මග තොටකදී එහෙම හඳුනන කෙනෙක් මුණගැහුනම කතාකරන්නේ අරුණි කියලා. ඒ තරමටම මින්ස්සු අරුණිගේ චරිතයට ආදරේ කරලා තියනවා.

ඇත්තෙන්ම සතුටක් තියනවා ප්‍රේක්ෂක ආදරේ එහෙම ලබන්නත් ලෙහෙසි නැහැ. දෙරණ අවුරුදු කුමරිය තරඟයට ඉදිරිපත් වෙලා මම ජයග්‍රහණය කලේ 2017දී. එතනින් පස්සේ ටෙලිනාට්‍ය තිර පරීක්ෂන කරලා අලුත් චරිත ව්ලාට තොරගනිද්දී මාව සිලෙක්ට් වුනා.

රඟපාන්න එන්න කලින් මේ ක්ෂේත්‍රය ගැන පුංචි බයක් තිබුනා. ගොඩක් වෙලාවට අපිට අහන්න ලැබෙන්නේ එතරම් හොඳ පුවත් නෙවෙයිනේ. මිනිස්සු වුනත් හිතන්නේ වෙනස් විදියකට, ඒත් අපි හරිදේ කරලා නිවැරදි විදියට ඉන්නවා නම් කාගෙන්වත් ප්‍රශ්නයක් එන්නේ නැහැ.

විශේෂයෙන් ගැහැණු ළමයෙක් නම් අදින පළදින විදිය ගැන වුනත් ගොඩක් හිතන්න වෙනවා. අපි කරන කියන දේවල් එක්ක තමයි මිනිස්සු අපි ගැන කතා හදන්නේ. කාලයත් එක්ක ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කරගෙන යද්දී දැනුනා කියන තරම් ගැටළු නැහැ කියලා.

දෙවනි ඉනිමේත් අම්මලාගේ චරිතයක් රඟපෑවට තාම මට විසි තුනක් වෙන්නේ. ලැබෙන්නේ හොඳ චරිතයක් නම් ඒක වෙනුවෙන් ගොඩක් කැපවෙලා වැඩ කරන්න කැමතියි.

ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා, හොඳ නමක් තියාගෙන ඉන්නවා නම් අපි හොඳ චරිත වලට එකතු වෙනවා නම් කතා හැදේවි කියලා මන් හිතන්නේ නැහැ. පවුලේ අයගෙනුත් මට හොඳ සහයෝගයක් ලැබෙනවා. හොඳම කාලේදී සිදු වේවි කියලා මම හිතන්නේ ඒ නිසා ඉක්මන් වෙන්නේ නැහැ


ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න 
Join Now 


GalleryGalleryGallery
ReeCha