මම ඇත්තටම එදා ඒ අවුරුදු උත්සවයට ගිය එක ගැන පසුතැවෙනවා - අශෝභන තරග සංවිධානය කෙරූ චන්දිමාල්ගේ අවුරුදු උත්සවයට ගිය ඉෂාදිගෙන් ප්‍රකාශයක්
ලෝක රූ රැජිණ තරඟය නියෝජනය කරමින් ලංකාවට කීර්තියක් අත්පත් කර දුන් ඉශාදි අමන්දා බොහෝ දෙනෙක්ගේ ආදරය ආකර්ෂණය දිනා ගත්තු ආදරණීය චරිතයක්.
ඇය සම්බන්ධයෙන් කතා කරනා විට පසුගිය දවසක ඇය චන්දිමාල් ජයසිංහ නමැති නිරූපණ ශිල්පියා විසින් සංවිධානය කෙරූ අවුරුදු උත්සවයකට සහභාගී විය.
මෙම අවුරුදු උත්සවය තුළ සංවිධානය කර තිබූ අවුරුදු ක්‍රීඩා සංස්කෘතියට නොගැළපෙන අශෝභන ආකාරයේ ක්‍රීඩා ලෙස සමාජ මාධ්‍ය පුරාවටම අදහස් ප්‍රචාරය වීමට පටන් ගත්තා.
ඒ අනුව එයට සහභාගී වූ බොහෝ දෙනෙකුටද ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල විය.එවන් පසුබිමක ඇයත් මෙම අවුරුදු උත්සවයට සහභාගි වූ අතර ඇය ඒ සම්බන්ධයෙන් විශේෂ දැනුම් දීමක් සිදුකර තිබේ.
ඇය එලෙස ඉදිරිපත් කෙරූ නිවේදනය සිංහලයට පරිවර්තනය කර පහතින් උපුටා දක්වා ඇත.
"මෑතකදී මා සහභාගී වූ උත්සවය පිළිබඳව මගේ අවංක අදහස් ප්‍රකාශ කිරීමට මට අවශ්‍යයි. එදින රූගත කරන ලද වීඩියෝවලින් පිළිබිඹු වන දේ සහ ඉන් අපේ සංස්කෘතියට මෙන්ම එහි සිටි පිරිසට හා එයින් පිටත සිටින අයට එල්ල විය හැකි බලපෑම පිළිබඳව මම බෙහෙවින් කණගාටු වෙමි. එහි සිටීම සම්බන්ධයෙන් මම සම්පූර්ණ වගකීම භාර ගනිමි. එම උත්සවයට සහභාගී වීමට සහ එහි කටයුතුවලට සම්බන්ධ වීමට මම පෞද්ගලිකව තීරණය කළේ, මා ක්ෂේත්‍රයට පිවිසි දා සිට මා සමඟ වැඩ කරන පිරිස සමඟ කාලය ගත කිරීමේ අරමුණින් පමණි.
එම වීඩියෝවලින් සමාජයට යන චිත්‍රය සහ ඉන් අන් අයට මෙන්ම මට ද ඇති විය හැකි බලපෑම ගැන මම අවංකවම සමාව අයදිමි. මා එහි සිටීම පිළිබඳ වගකීම භාර ගන්නා අතරම, මගේ ක්‍රියාවන්ට ඔබ්බෙන් සිදුවූ දේවල් හෝ එහි තිබූ ක්‍රීඩාවන් සම්බන්ධයෙන් මම වගකීම භාර නොගනිමි.
මා එහිදී ඇතැම් ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වූයේ මගේ පුතු සමඟ වන අතර, ඒවා සාමාන්‍යයෙන් මෙවැනි උත්සවවලදී දැකිය හැකි සරල ක්‍රීඩාවන් පමණි. වැඩ නොකර මවක ලෙස සරලව සෙල්ලම් කරමින් ගත කළ ඒ දුර්ලභ මොහොත මා සැබවින්ම භුක්ති වින්දද, අද වන විට මට ඒ සඳහා සහභාගී වීම ගැන කණගාටුවක් දැනේ. මම මෙහිදී කිසිවෙකුට ඇඟිල්ල දිගු කිරීමට බලාපොරොත්තු නොවන අතර, අදාළ පුද්ගලයන් සමඟ මා පෞද්ගලිකව කතා කර මගේ මතය සෘජුවම ප්‍රකාශ කර ඇත.
මගේ පවුලේ අයගෙන්, මිතුරන්ගෙන් සහ මට සහයෝගය දක්වන පිරිසගෙන් මම අවංකවම සමාව අයදිමි. අදාළ වීඩියෝ සම්බන්ධයෙන් පළවන ප්‍රතිචාර, අදහස් සහ විවේචන මම තේරුම් ගන්නා අතර ඒවා පිළිගනිමි. සිදුවූ දේ සිදුවී හමාරය. මම සෑම දිනකම වෙහෙස මහන්සි වී ගෞරවාන්විතව මගේ ජීවනෝපාය උපයා ගනිමි. නිෂේධාත්මක බවින් හෝ ආන්දෝලනාත්මක දේවලින් ප්‍රසිද්ධිය ලබා ගැනීමට උත්සාහ නොකර සාමකාමී හා ගෞරවනීය ජීවිතයක් ගත කිරීමට මම තෝරාගෙන ඇත්තෙමි. වසර ගණනාවක් පුරා මම පෙනී සිටියේ මා සැබවින්ම කවුරුන්ද යන්න සහ මා ප්‍රකාශ කිරීමට කැමති දේ වෙනුවෙන් පමණි. මම මෙතැන් සිට වඩාත් අවබෝධයෙන් යුතුව ඉදිරියට ගමන් කරමි."
ස්තූතියි, ඉෂාදි අමන්දා