ඔත්තු බැලුවොත් ඉරානයෙන් මරණ දඬුවම

Report

ඊශ්‍රායලය වෙනුවෙන් ඔත්තු බැලූ බවට චෝදනා එල්ලූ පුද්ගලයෙකුට ඉරානය විසින් අද (18) මරණ දඬුවම ක්‍රියාත්මක කර තිබේ. ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායට අනුබද්ධ ප්‍රවෘත්ති ඒජන්සියක් වන තස්නිම් විසින් මේ බව තහවුරු කර ඇත.

මෙලෙස දඬුවම් හිමිව ඇත්තේ කොරූෂ් කීවානි නම් පුද්ගලයෙකුට වන අතර, ඔහු 2025 වසරේ පැවති 'Twelve-Day War' යුද්ධය අතරතුර අත්අඩංගුවට පත්ව තිබේ.

ඔහු ඉරානයේ සංවේදී ස්ථාන පිළිබඳ ඡායාරූප සහ තොරතුරු ඊශ්‍රායල බුද්ධි ඒජන්සිය වන මොසාඩ් වෙත ලබාදුන් බවට චෝදනා එල්ලවී ඇත. ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් මෙම පුද්ගලයාව 2023 වසරේ දී ස්වීඩනයේ දී හඳුනාගෙන ඇති අතර, පසුව ඔහු මොසාඩ් නිලධාරියෙකු විසින් බඳවාගෙන තිබේ.

ගල් අඟුරු ගනුදෙනුවෙන් මිලියන 2000 පාඩු-පාඨලීගේ හෙළිදරව්ව

ගල් අඟුරු ගනුදෙනුවෙන් මිලියන 2000 පාඩු-පාඨලීගේ හෙළිදරව්ව

ඔහුට යුරෝපීය රටවල් 6ක සහ ටෙල් අවිව්හි වසර දෙකක පුහුණුවකින් පසු ඉරානයට යවන ලද බවත් සඳහන්ය. දොළොස් දින යුද්ධය යනු ඉරානය සහ ඊශ්‍රායලය අතර 2025 ජුනි 13 සිට 24 දක්වා පැවති සන්නද්ධ ගැටුමක්ය.

ඊශ්‍රායලය හදිසි ප්‍රහාරයකින් ඉරානයේ හමුදා සහ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට බෝම්බ හෙලීමත් සමග එය ආරම්භ විය. අමෙරිකාවේ මැදිහත්වීම සමග ඇතිකරගත් සටන් විරාමයකින් එම ගැටුම් නතර විය.

හෝමූස් සමුද්‍ර සන්ධිය අනතුරේ-නාවික ආරක්ෂාව ප්‍රමාණවත් නොවේ

හෝමූස් සමුද්‍ර සන්ධිය අනතුරේ-නාවික ආරක්ෂාව ප්‍රමාණවත් නොවේ