ඉරාන ජනපතිගේ හෙලිකොප්ටර් අනතුරට මිනිත්තු එකහමාරකට පමණ පෙර සිදුවූ දේ..

By Aruna May 24, 2024 07:18 AM GMT
Report

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ඇතුළු පිරිසගේ මරණයට හේතු වූ හෙලිකොප්ටර් අනතුර පිළිබඳ පළමු වාර්තාව නිකුත් කර තිබෙනවා.

ඒ අනුව හෙලිකොප්ටරය නියමිත මාර්ගයේ ගමන් කර ඇති අතර, සිද්ධියට මිනිත්තු එකහමාරකට පමණ පෙර හෙලිකොප්ටරයේ නියමුවා ජනාධිපතිවරයාගේ රථ පෙළේ අනෙක් හෙලිකොප්ටර් දෙක අමතා ඇති බවයි පවසන්නේ.

පසුගිය 19 වනදා සිද්ධිය නිරීක්ෂණය සඳහා විශේෂඥයින් සහ කාර්මික ශිල්පීන්ගෙන් සමන්විත ජ්‍යෙෂ්ඨ විමර්ශන කමිටුවක් එම ස්ථානයට ගොස් තිබුණි.

රට පුරා හදිසි තත්ත්වයකට මුහුණ දීමට ගුවන් හමුදාව සීරුවෙන් තබයි..

රට පුරා හදිසි තත්ත්වයකට මුහුණ දීමට ගුවන් හමුදාව සීරුවෙන් තබයි..


විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ හෙලිකොප්ටරයේ සුන්බුන් මත වෙඩි උණ්ඩ හෝ ඒ හා සමාන භාණ්ඩ පිළිබඳ කිසිදු හෝඩුවාවක් ද අනාවරණය වී නොමැති අතර, කන්ද මතට කඩා වැටීමෙන් පසු හෙලිකොප්ටරය ගිනිගෙන ඇති බවට එහිදී අනාවරණ වී ඇත.

වේදිකාවක් කඩා වැටී 09 දෙනෙකු මිය ගොස් 54 දෙනෙකුට තුවාලයි..

වේදිකාවක් කඩා වැටී 09 දෙනෙකු මිය ගොස් 54 දෙනෙකුට තුවාලයි..