මැතිවරණ ප්‍රචාරක වේදිකාවක් කඩා වැටීමෙන් 9 දෙනෙකු මිය ගොස් 54 දෙනෙකු තුවාල ලබා තිබෙන පුවතක් මෙක්සිකෝවෙන් වාර්තා වනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මෙක්සිකෝවේ ජනාධිපතිවරණය ජූනි 2 වැනිදා පැවැත්වීමට නියමිත අතර, එරට උතුරු පළාතේ තදාසන්න ප්‍රදේශවලට ඊයේ හමාගිය තද සුළං හේතුවෙන් ප්‍රචාරක වේදිකාවක් මෙලෙස කඩා වැටී ඇති බවයි.
පුරවැසි ව්‍යාපාර පක්ෂයේ ජනාධිපති අපේක්ෂක Jorge Álvarez Máynez ගේ ප්‍රචාරක කටයුතු සඳහා සකස් කර තිබූ වේදිකාවක් මෙලෙස කඩා වැටී ඇති බවයි පැවසෙන්නේ.
මෙම අවස්ථාවට පුරවැසි ව්‍යාපාරයේ විවිධ නායකයින්ද සහභාගීවී සිට ඇත.
ජනාධිපති අපේක්ෂක Jorge Álvarez Máynez ඔහුගේ X ගිණුමේ සඳහන් කළේ ඔහුට මෙම අනතුරෙන් තුවාල කිසිවක් සිදුව නොමැති බවයි.