ලෝක සිතියමෙන් ඉරානය මකා දැමිය හැකිය යන්න මිත්‍යාවක් - ඇවිලෙන යුද උණුසුම මැද ඉරාන ජනාධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
ඉරානයට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය සිදුකරන තර්ජන මඟින් ඔවුන්ගේ "අසරණභාවය" මනාව පිළිබිඹු වන බව ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් ප්‍රකාශ කරයි. ඒ අනුව 'X' සමාජ මාධ්‍ය ජාලය හරහා විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව දක්වා ඇත.
අඳාළ සටහනෙන් ඔහු කියා ඇත්තේ, ලෝක සිතියමෙන් ඉරානය මකා දැමිය හැකිය යන මිත්‍යාව තුළින් පෙනී යන්නේ, ඉතිහාසය නිර්මාණය කළ ජාතියක අභිමතය හමුවේ ඔවුන් පත්ව ඇති අසරණභාවයයි," යනුවෙන්.
එමෙන්ම එල්ල වන තර්ජන සහ භීෂණය හමුවේ ඉරාන ජනතාව තව තවත් එක්සත් වන බව ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.
එසේම ඉරාන භූමිය උල්ලංඝනය කරන පාර්ශ්වයන්ට හැර අන් සියලු දෙනාට හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘතව පවතින බවත් ඔහු මෙහිදී පවසා ඇති බව සඳහන්.
ලංකාවෙන් ට්‍රම්ප්ට දැවැන්ත නින්දාවක් කරලා - අමෙරිකා විපක්ෂෙන්ම ට්‍රම්ප්ට ලංකාවේ එඩිතර බව කියලා සටහනක්
توهم حذف ایران از نقشه، نشاندهنده استیصال و درماندگی در مقابل اراده یک ملت تاریخساز است. تهدید و ترور مردم ایران را منسجمتر میکند. تنگه هرمز برای کشتیهای همه کشورها به جز متجاوزین به خاک ایران باز است.
— Masoud Pezeshkian (@drpezeshkian) March 22, 2026
پاسخ پریشان گویی و تهدیدهای بیمحابا را قاطعانه در میدان میدهیم. https://t.co/28bDMJggdB