යුධ ගිනි දැල් මැද්දේ ඇමෙරිකාවෙන් සහ ඊශ්‍රායලයෙන් ඉරාන ප්‍රධාන හමුදා ඇකඩමියකටත් ප්‍රහාරයක්

Report

ඇමෙරිකාව සහ ඊශ්‍රායල එක්ව ඉරානයට එල්ල කරන ලද ප්‍රබල ගුවන් ප්‍රහාර මාලාවේදී, එරට ප්‍රධාන පෙළේ හමුදා ඇකඩමියක් (Military Academy)ද ඉලක්ක වී තිබේ යැයි අල්ජසීරා පුවත් සේවය වාර්තා කරයි.

පසුගිය පැය කිහිපය තුළ ඉරානයේ උපායමාර්ගික ස්ථාන රැසක් ඉලක්ක කරගත් මෙම ප්‍රහාරවලින් හමුදා පුහුණු මධ්‍යස්ථාන සහ ආරක්ෂක ව්‍යුහයන් දැඩි හානියට ලක්වී ඇත.

ඉරානයේ අගනුවර වන ටෙහෙරානය සහ ඒ අවට පිහිටි ආරක්ෂක මර්මස්ථාන, මිසයිල් සහ බෝම්බ ප්‍රහාර වලට ලක්ව, ආරක්ෂක යාන්ත්‍රණය දැඩි බලපෑමකට ලක්වී ඇත.

කොළඹ වරාය යුධ පිටියක් වෙන ලකුණු? ලෝකයේම ඇස් කොළඹ වරායට - ඉරානයේ දෙවෙනි යුධ නැවත් ලංවෙයි - ඇතුළට එන්න අවසර දුන්නොත්නම් ලංකාවත් ඉවරයි

කොළඹ වරාය යුධ පිටියක් වෙන ලකුණු? ලෝකයේම ඇස් කොළඹ වරායට - ඉරානයේ දෙවෙනි යුධ නැවත් ලංවෙයි - ඇතුළට එන්න අවසර දුන්නොත්නම් ලංකාවත් ඉවරයි

විශේෂයෙන්ම හමුදා ඉහළ නිලධාරීන් පුහුණු කරන ඇකඩමියට එල්ල වූ ප්‍රහාරය, එරට ආරක්ෂක අංශයට විශාල බප්ලපෑමක් වී තිබේ. මෙයට අමතරව, ටෙහෙරාන් විශ්වවිද්‍යාලය අවට ප්‍රදේශ සහ ජනාවාසද මේ ප්‍රහාරවලින් කම්පනයට පත්වී තිබේ.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ ඉරානයේ ගුවන් ආරක්ෂණ පද්ධති සහ ගුවන් හමුදා බලය මේ වන විට මුළුමනින්ම පාහේ අඩපණ කර ඇති බවයි.

සෙනසුරාදා සිට ආරම්භ වූ මෙම ප්‍රහාර මාලාව හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 1,200කට අධික පිරිසක් මියගොස් ඇති අතර, පාසල්, රෝහල් සහ අනෙකුත් සිවිල් ස්ථානවලටද ප්‍රහාර එල්ල වී ඇති බව වාර්තා වේ.

මේ ගුවන් ගමන් අද සිට ක්‍රියාත්මකයි - ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් විශේෂ දැනුම්දීමක්

මේ ගුවන් ගමන් අද සිට ක්‍රියාත්මකයි - ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් විශේෂ දැනුම්දීමක්