ඇමරිකානු තෙල් නැවකට ඉරානයෙන් දැවැන්ත ප්‍රහාරයක් - ඉන්දියානුවෙක් මරුට
ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) ඉරාකයේ බැස්රා ප්‍රදේශය ආසන්න මුහුදේ යාත්‍රා කළ ඇමරිකානු හිමිකාරීත්වය ඇති තෙල් ටැංකි නෞකාවකට අද අලුයම ප්‍රහාරයක් එල්ල වූ බව නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.
ප්‍රහාරයට ලක්ව ඇත්තේ මාර්ෂල් දූපත් රාජ්‍යයේ ධජය යටතේ යාත්‍රා කළ ‘සෙෆසී විෂ්ණු’ (Safesea Vishnu) නමැති නෞකාවයි.
IRGC පවසන්නේ, නෞකාව ඉරානයෙන් ලබා දුන් අනතුරු ඇඟවීම් නොසලකා හැරීම හේතුවෙන් මෙම ප්‍රහාරය සිදු කළ බවයි.
බැග්ඩෑඩ්හි පිහිටි ඉන්දීය තානාපති කාර්යාලය සඳහන් කළේ, නෞකාවේ සේවය කළ ඉන්දීය ජාතික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මෙම ප්‍රහාරයෙන් මියගොස් ඇති බවයි.
නෞකාවේ සිටි සෙසු සාමාජිකයින් 15 දෙනෙකු ආරක්ෂිතව ඉවත් කර ගැනීමට කටයුතු කරන ලදී. මෙම සිදුවීම මැදපෙරදිග මුහුදු මාර්ගවල ආරක්ෂාව පිළිබඳ දැඩි අවධානයක් ඇති කිරීමට හේතු වී ඇති අතර, ඇමරිකාව සහ ඉරානය අතර පවතින යුදමය වාතාවරණය තවදුරටත් උග්‍ර කරනු ඇති බව විදේශ විශ්ලේෂකයන් පෙන්වා දෙති.