ගෙවල් ස්ටුඩියෝ කුඩු කලාට මගේ ටැලන්ට් නැති කරන්න බැහැ, හැබැයි මගේ දේශපාලනය ඉවරයි-ඉරාජ් (PHOTOS)

By Sithumi Dec 04, 2022 03:39 PM GMT
Sithumi

Sithumi

Report

අපේ රටේ සංගීත ක්ෂේත්‍රයේ වගේම දේශපාලන ක්ෂේත්‍රයේද ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්වුනු දක්ෂ ජනප්‍රිය සංගීත නිර්මාණ ශිල්පියෙක් වගේම ගායන ශිල්පියෙක් තමයි ඉරාජ් වීරරත්න කියලා කියන්නේ. 

කොහොම නමුත් පසුගිය කාලයේ අරගලය හේතුවෙන් ඔහු දුක්මහන්සියෙන් හම්බකරගත්තු සියලු දේපොළ විනාශ වුණා. ඊට පස්සේ මාස කිහිපයක් විදෙස්ගත වෙලා හිටපු ඔහු සංගීතය පැත්තෙන් යමක් කරලා ඔන්න දැන් ලංකාවට ඇවිල්ලා ඉන්නවා. 

ඉතින් ඒ ඔහු ඔහුගේ අලුත්ම ගීතයත් පහුගිය දවසක ප්‍රේක්ෂකයින්ට තිලින කරමින්. ඉතින් ඔහු පහුගිය කාලයේ ඉන්දියාවට සහ හොලිවුඩ්වල කැලිෆෝර්නියා පැත්තට ගියා කියලයි ඉරාජ් කියන්නේ. ඒ වගේම පහුගිය කාලයේ ඔහුගේ ස්ටුඩියෝ එහෙම විනාශ කරලා අරගලය තිබුණ කාලයේ ඔහුගේ සියලුම බඩු හොරකම් කරලා තිබුණා කියලත් ඔහු කියනවා. 

ඉතින් ඔහුට ආයෙමත් වැඩ පටන්ගන්න ඕනෑ වුණ නිසා ඔහු සංගීත වැඩ ටිකක් කරගන්න විදෙස්ගත වුණා කියලයි ඔහු කියන්නේ. ඉතින් ඔහුට නැවතත් හිතුණාලු මියුසික් වීඩියෝ එකක් රිලීස් කරලා ඉරාජ් කියන්නේ කවුද කියලා මතක් කිරීමක් කරන්න. ඒ වගේම ඔහු ඒ කාලේ කරපු මියුසික් වීඩියෝ වලට ගහන්න මියුසික් වීඩියෝ තවම ඇවිත් නැහැ කියලත් ඉරාජ් කියනවා. 

ඉතින් දැන් බොහොම කිහිපදෙනෙක් තමයිලු හොඳ මියුසික් වීඩියෝ කරන්නේ. ඉතින් ඒ වගේම ඔහු මට සිතන්න බැහැ 2 ගැහැණු නොදන්නේ කියලා මිට දින කිහිපයකට කලින් ඔහුගේ නැවත ගීතය එළිදැක්වූවා. ඒ වගේම මේ ගීතය මට සිතන්න බැහැ ගීතයේ කන්සෙප්ට් එකට ගොඩක් සමානයි කියලයි ඔහු කියන්නේ. 

මොකද ඒ කන්සෙප්ට් එකම තමයි ඔහු මේ ගීතයටත් පාවිච්චි කරලා තියෙන්නේ. ඒ වගේම ඔහු මේ මියුසික් වීඩියෝ එකට බැක් ටූ ද ෆියුචර් කියන හොලිවුඩ් චිත්‍රපටයට භාවිතා කරපු මෝටර් රථයත් භාවිතා කරලා තියෙනවා. ඒ වගේම අපහු දේශපාලනය කරන්න කිසිම අදහසක් නැහැ කියලත් ඔහු කියනවා. ඔහුට දැන් මියුසික් විතරයිලු කරන්න ඕනෑ. ඔහු කළේ හිටපු ජනාධිපතිතුමාගේ මතය වෙනුවෙන් අවසන් මොහොත වෙනකම් පෙනී සිටින එක විතරයි කියලයි ඔහු කියන්නේ. 

ඉතින් එතැනින් එහාට ඔහුගේ කිසිම දේශපාලනයක් නැහැලු. ඒ වගේම ඔහු ඉදිරියට කරන්නේ ඔහුගේ සංගීත වැඩකටයුතු සහ ඔහුගේ ව්‍යපාර වැඩකටයුතු විතරයි කියලත් ඔහු කියනවා.

ඒ වගේම ඔහුගේ මේ අලුත් මියුසික් වීඩියෝ එකෙන් අලුත් කොල්ලො කෙල්ලන්ට ඔහුට පෙන්වන්න ඕනෑ වුණාලු ඔහුගේ ගෙවල් කුඩුකරලා, ස්ටුඩියෝ කුඩුකරලා මොනවා කළත් ඔහුගේ තිබුණ ටැලන්ට් එක නැති කරන්න බැහැ කියලා. ඉතින් ඔහුගේ මේ මියුසික් වීඩියෝ එකෙන් ඔහු පෙන්වන්නේ ඔහුගේ ටැලන්ට් එක කොහොමටවත් නැති කරගන්න බැරි වුණා කියන එක කියලයි ඔහු අවසාන වශයෙන් පැවසුවේ.

GalleryGalleryGalleryGalleryGallery