ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදී IOC ඉන්ධන මිලත් ඉහළට - නවතම මිල ගණන් මෙන්න

Report

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමත් සමග, ලංකා ඉන්දියන් ඔයිල් සමාගමද (IOC) සිය මිල ගණන් සංශෝධනය කර ඇති බව වාර්තා වේ.

එබැවින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉහළ දැමූ මිල ගණන්වලට අනුකූල වන පරිදි එම සමාගමද තම ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබෙන බව සඳහන්.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබුණේ පහත පරිදීයි.

මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට

මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දමා තිබූ අතර, එහි නව මිල රුපියල් 414ක්.

එසේ වුවත් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල සංශෝධයක් සිදුනොවුණේ එය රුපියල් 475ක් වූ පැවති මිල යටතේම පවතිමින්.

එමෙන්ම සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 50කින් ඉහළ දමා තිබූ අතර, ඒ අනුව රුපියල් 478ක්ව පැවති මිල, රුපියල් 528ක් දක්වා ඉහළගොස් ඇත.

තවද රුපියල් 382ක්ව පැවති සුදු ඩීසල් ලීටරය මිලද රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 392ක් විය.

එසේම රුපියල් 285ක්ව පැවති භූමිතෙල් මිලද ඉහළ දැමීමක් සිදු නොකර ඇති අතර, එයද මෙම මිල යටතේම පවතියි.

ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනට වෙන්න යන දේ - ‍රටටම දන්වා විශේෂ නිවේදනයක්

ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනට වෙන්න යන දේ - ‍රටටම දන්වා විශේෂ නිවේදනයක්