ලියාපදිංචි නොකළ හෘද සැත්කම් එන්නත් ගැන පරීක්‍ෂණ

CID - Sri Lanka Police Hospitals in Sri Lanka Sinhala news
By Hashini Jul 09, 2025 04:57 AM GMT
Hashini

Hashini

Report

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොකර බැගේජ් මගින් මෙරටට ගෙන්වා හෘද රෝග සැත්කම් සඳහා දෙන පැපරින් නමැති එන්නත වෙළෙඳපොළේ අලෙවි කරන බවට ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මෙරට ප්‍රධාන පෙළේ ඖෂධහල් දෙකක උසස් නිලධාරින්ගෙන් ඔවුන් සතුව ඇති අදාළ ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් සතු ලියකියවිලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පරීක්ෂා කරනු ලැබීය.

ඉන්ධන බෙදා හැරීමේ අර්බුදයක්?

ඉන්ධන බෙදා හැරීමේ අර්බුදයක්?

එහිදී අදාළ නිලධාරින් වාර්තා කීපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ එම ඖෂධහල් දෙකෙන් එකකට මීට පෙර ලියාපදිංචි නොකළ ඖෂධ මෙරට තුළ අලෙවි කිරීම හේතුවෙන් නීතිය ක්‍රියාත්මක කර ඇති බවයි.

ජාතික සිවිල් බුද්ධි පෙරමුණ විසින් පැපරින් එන්නත ලියාපදිංචි නොකර මෙරට තුළ අලෙවි කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබිණි. 

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

ReeCha