ඝාතනයක් ගැන රේඩියෝ නාළිකාවකට ලැබුණු විදෙස් ඇමතුම ගැන විමර්ශන..

Report

‘ගණේමුල්ල සංජීවට වෙඩි තැබුවා’ යනුවෙන් පවසමින් පෞද්ගලික ගුවන් විදුලි නාළිකාවකට විදෙස් රටක පුද්ගලයකු විසින් ලබාදී ඇතැයි කියන පණිවුඩයක් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බව කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත දන්වා සිටියේය.

හයේෂිකා ප්‍රනාන්දුට ආණ්ඩුවෙන් සුපිරි ආරක්ෂාවක්! – ජනාධිපතිටත් එච්චර නැහැ (VIDEO)

හයේෂිකා ප්‍රනාන්දුට ආණ්ඩුවෙන් සුපිරි ආරක්ෂාවක්! – ජනාධිපතිටත් එච්චර නැහැ (VIDEO)

2025 පෙබරවාරි 19 වැනිදා පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ අංක 5 අධිකරණ ශාලාවේ නඩු විභාග වෙමින් පවතින අතරතුර විත්තිකූඩුවේ සිටි සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන සංජීව කුමාර සමරත්න නොහොත් ගණේමුල්ල සංජීව නමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීමත් සමග විදෙස් රටක සිට ලැබී ඇතැයි කියන එම දුරකථන පණිවුඩය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි වෙත කරුණු වාර්තා කරමින් දන්වා තිබේ.

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

එම දුරකථන පණිවුඩය අදාළ පෞද්ගලික ගුවන් විදුලි නාළිකාවේ වැඩසටහනකදී විකාශය කර ඇතැයි දන්වා සිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් දුරකථන පණිවුඩයට අදාළ සංස්කරණය නොකළ හඬ පටයක් කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට ලබාදෙන ලෙස එම ගුවන් විදුලි ආයතනයේ වැඩසටහන් අධ්‍යක්ෂ වෙත නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අදාළ නියෝග නිකුත් කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය විමර්ශනයේ ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසයට නියම කළේය.