ආරක්ෂිතව අන්තර්ජාලය භාවිත කරන්නෙ කොහොමද?
අන්තර්ජාලය හා සම්බන්ධ ගිණුම් ආරක්‍ෂිත කරගන්න පහසු පියවර 5ක් ගැන තමයි ලිපියෙන් කියන්න බලාපොරොත්තු වෙන්නෙ.
Recovery (ප්‍රකෘතිමත් කිරීමට) ක්‍රමයක් තබා ගැනීම
මේ සඳහා ප්‍රධාන ක්‍රම දෙකක් භාවිත වෙනවා. ඒ ජංගම දුරකථන අංකය ආධාරයෙන් සහ ඊමේල් ලිපිනයක් ආධාරයෙන්. මෙය ගිණුම හදද්දිම ලබාදිය යුතු වෙනවා. එසේ නැත්තම් පසු කාලයකදී වුනත් කරගන්න පුළුවන්. මෙමගින් ඔබේ ප්‍රධාන ගිණුම අන්සතු වුවහොත් හෝ ප්‍රධාන ගිණුමෙ password (මුරපදය) අමතක වුණොත් හෝ එය recover කිරීමට පහසු වෙනවා. එහිදී ඔබේ අනන්‍යතාව වෙනත් ක්‍රමයකින් සොයා ගත හැකියි. ඒ අනුව password reset link එකක් වෙත ඔබව යොමු කිරීමට ඔවුනට පුළුවන්.
Unique passwords
මෙය ඉතාම ප්‍රශ්නකාරී කරුණක්. ඔබ අන්තර්ජාලයේ විවිධ ගිණුම් සැදීම සිදු කරනවා. එම විවිධ ගිණුම්වලට විවිධ මුරපද යොදා ඒවා මතක තබා ගැනීම ඇත්තටම ප්‍රයෝගික නැහැ. ඒ නිසා බොහෝ අය එකම මුරපදය හැම ගිණුමටම යොදන්න පෙළඹෙනවා. නමුත් එයින් සිදු වන්නේ එක ගිණුමක හෝ මුරපදය අන්සතු වුණොත් අනිත් හැම ගිණුමක්ම අන්සතු වීමේ risk එක වැඩි වීමයි. මේ සඳහා ඔබට Password Manager Application එකක් හෝ extension එකක් යොදා ගත හැකි. Google Chrome වල එය built-in option එකක් විදියට ලැබෙනවා. ඒ වගේම Apple devices වලත් keychain පහසුකම ලබාදෙනවා. මේ අනුව ඔබේ password එක තැනකින් manage කිරීමට ඔබට පුළුවන්. ඒ වගේම Password Biometrics Option එක ලබා දෙනවා නම් එය භාවිත කිරීම වඩාත් යෝග්‍ය වෙනවා. ඒ වගේම password එකක අවම දිග කේත 8ක් දක්වාත් විවිධ සංකේත සමග සංයෝජනය කිරීම මගිනුත් password එකේ ආරක්ෂාව වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම guess කරන්න පුළුවන් වචන භාවිත නොකිරීමත් සුදුසු වෙනවා. Password generate කරන සේවාවක් වුණත් භාවිත කරන්න පුළුවන් නම් වැදගත් වෙනවා.
Passwords should be:
.At least 8 characters long
.Contain at least one number
.Contain at least one capital letter
.Contain at least one symbol (like #,%,&)
.Not be a real word, name or anything that would be relatively easy to guess
Software යාවත්කාලීන කිරීම
ඔබ භාවිත කරන softwares වගේම මෙහෙයුම් පද්ධතියත් නිතරම up-to-date තබා ගැනීම වැදගත් වෙනවා. එයට හේතුව ඒ හැම patch එකකම හෝ release එකක අලුත්ම vulnerabilities වලට විසදුම් අඩංගු කරල තමයි ඔවුන් update එකක් release කරන්නේ. ඒක නිසා නිතරම update කිරීම වැදගත් වෙනවා threats වලින් ආරක්ෂා වීමට. Google Chrome වැනි සමහර applications ඉබේම යාවත්කාලින වීමට තමයි ඔවුන් කටයුතු කරලා තිබෙන්නෙ.
පහත links වලින් විවිධ OSවල update කරන steps ගැන දැනුවත් වෙන්න පුළුවන්.
2-Factor Authentication
2-Factor Authentication එහෙමත් නැත්තම් 2-Step Verification කියන ක්‍රමය අන්තර්ජාලය හා සම්බන්ධ ගිණුම් අන්සතු නොවීමට ඉතා මහගු කාර්යක් කරනවා. Google, Facebook වැනි සමාගම් තම පාරිභෝගිකයින්ට මෙම පහසුකම නොමිලේ ලබාදී තිබෙනවා. මෙහිදී ගිණුමට අවතීර්ණ වීමට නම් ඔබ යොදන මුරපදයට අමතරව login වෙන වෙලාවේදී ඔබේ ජංගම දුරකථනය ලැබෙන කෙටි අංකයක් හෝ app එක විසින් ඒ වෙලාවේදී generate කරන code එක වැනි ක්‍රම යොදාගන්නවා. මෙය One Time Password (OTP)ලෙසද හැදින්වෙනවා. Online banking වලදී මෙම ක්‍රමය බහුලව භාවිත වෙනවා. Google ගිණුමේ 2-Factor Authentication ක්‍රියාත්මක කිරීමට මෙමගින් පුළුවන්.
Security Checkup
ඔබ භාවිත කරන ගිණුම අනුව මෙම පහසුකම වෙනම ලබාදීම කරනවා එම ආයතන විසින්. උදාහරණයක් ලෙස Google විසින් ලබාදෙන Security Checkup මගින් ඔබේ ගිණුමේ security එක ගැන බලාගන්න පුළුවන්. Security ප්‍රශ්නයක් තිබෙනවා නම් එතන එය පෙන්වනවා. ඒ අනුව ඔබට අවශ්‍ය වෙනස්කම් කිරීමට අවශ්‍ය කරුණු එහිදී බලාගන්න පුළුවන්. මේ වගේම Facebook මගිනුත් ඔබේ ගිණුමේ ආරක්‍ෂිතබාවය මෙමගින් බලාගන්නත් අවශ්‍ය වෙනස්කම් කිරීමටත් අවස්ථාව තිබෙනවා.


