පාස්කු ප්‍රහාරය වෙනුවෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විදේශීය විමර්ශනයක් අවශ්‍ය බව සමගි ජන බලවෙිගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා ඉල්ලීමක් කරනවා.
ඒ, අද (21) පාර්ලිමේන්තුවේදී සභාව කල් තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කරමින්.
ඔහු එහිදී කියා සිටියේ පාස්කු ඉරිදා ප්‍රහාරය දේශපාලන කුමන්ත්‍රණයක් බවට චෝදනා එල්ල වන බවත්,ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒම සඳහා පාස්කු ප්‍රහාරය එල්ල කරන බවයි.
කෙසේ වෙතත් , වසර හතරකට අධික කාලයක් ගත වී ඇතත් මෙතෙක් පාස්කු ප්‍රහාරය සඳහා සෘජුව වගකිව යුතු පාර්ශව හඳුනා ගැනීමටත් ප්‍රහාරයේ අරමුණ හෙළි කිරීමටත් රජය අපොහොසත් වී ඇති බවයි එහිදී ඔහු මෙලෙස අදහස් දක්වමින් වැඩිදුරටත් අවධාරණය කළේ.
නිරෝෂන් පෙරේරා තවදුරටත් ප්‍රකාශ කළේ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ආරක්ෂක අංශවල අය තවමත් තනතුරු දරමින් සිටින අතර ඔවුන් තාවකාලිකව තනතුරුවලින් ඉවත් කර අපක්ෂපාතී පරීක්ෂණයක් කළ යුතු බවයි.
