UPDATE : අන්තරේ පාර්ලිමේන්තුව අසල හොරු ගෝ ගම හදයි..පාර්ශව රැසක සහය (VIDEO)

Report

 අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය අද විරෝධතා පා ගමනක් දියත් කළ අතර  මාර්ග වාදක අසල දී ඇති වූ උණුසුම්කාරී තත්වය හේතුවෙන් පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් එම විරෝධතාවය මර්දනය කිරීමට කටයුතු කලා.

කෙසේ වුවද අද එම ස්ථානයේ රන් දෙමින්  රාත්‍රී ගතකරන්නට අන්තර් විශ්ව විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය නියෝජනය කරමින් පැමිණි සිසුන කටයුතු කරන බව වාර්තා වන අතර සාමාන්‍ය ජනයාද මේ වන විට එම ස්ථානයට පැමිණෙන බව අප වාර්තාකරු සඳහන් කළා

එම ස්ථානයේ නවතම තත්වය පහත වීඩියෝවෙන් නරඹන්න.

එමෙන්ම මේ වන විට අන්තරේ සිසුන් එක්ව හොරු ගෝ ගම නිර්මාණය කරමින් සිටියි. ඒ සදහා බොහෝ පාර්ශව සහය ලබා දී තිබේ.. මෙම ස්ථානයට බොහෝ දෙනාගෙන් ආහාර ජලය සහ තවත් බොහෝ එම ස්ථානයට අත්‍යවශ්‍ය භාණ්ඩ ලැබෙමින් පවතින බව ද පහත වීඩියෝවෙන් ඔබට දැක ගත හැකිය.

දර්ශන - ලහිරු සංජීව