තරුණියගේ හිස වෙන්කර ගමන් බෑගයක දමා කොළඹ පැමිණි ඝාතකයාගේ තොරතුරු රැසක් එළියට

Police
By Thaya Mar 03, 2021 05:14 PM GMT
Thaya

Thaya

Report

අතහැර දමාගිය ගමන් බෑගය බහා තිබූ කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් මේවනවිට ලැබෙමින් ඇති තොරතුරු අනුව විමර්ශන සිදුකරමින් සිටින බව පොලීසිය පවසනවා. මෙම කාන්තාවගේ මළ සිරුර කුරුවිට ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියකගේ බවට පොලීසිය සැක පල කරයි. ශ්‍රී පාද වන්දනාවේ යන බව පවසා අදාළ තරුණිය නිවසින් පිටව ඇති බවට මේවනවිට අනාවරණ වී තිබෙනවා.

ප්‍රදේශ කිහිපයක තරුණියන් කිහිපදෙනෙකු අතුරුදන්ව ඇති බවට ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් ද පරික්ෂණ සිදුකරණ බව පොලිසිය පවසයි. කිරිඳිවැල,කොස්ගම හා දකුණු පලාතේ පොලිස් ස්ථානයක් වෙතද පැමිණිලි ලැබි ඇති බව වාර්තාවේ.

මාර්ග අංක 143, හංවැල්ල – කොළඹ පෞද්ගලික බස්රථය පොලිස් භාරයට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේය. මේ සම්බන්ධයෙන් තොරතුරක් වේ නම් 071 85 9 15 57 හෝ 011 2 43 33 33 යන දුරකථන අංකවලට දැනුම්දෙන ලෙසයි පොලීසිය ඉල්ලා සිටින්නේ