භයානක වෛරසය වැළඳී මෙරටින් හමුවූ එංගලන්ත ආසාදිතයාගේ සියලු තොරතුරු මෙන්න.

Covid-19 Alert
By Thaya Jan 14, 2021 05:59 PM GMT
Thaya

Thaya

Report

එංගලන්තයේ වේගයෙන් පැතිරයන කොවිඩ් ප්‍රභේදය වැළඳි, එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම් සාමාජිකයාගේ මෙරට ආශ්‍රිතයින් කිසිවෙකුත් නැති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ අදාළ ආසාදිත පුද්ගලයාට ප්‍රතිකාර කිරීම් සහ වෙන්කර තැබීම නිසිපරිදි සිදුවන බැවින් එම අවස්ථාවේදීවත් මෙම වෛරසය මෙරට සමාජයට ඇතුළුවීමේ අවදානමක් නොමැති බවයි.

"පසුගිය සැප්තැම්බර් මාසේ ඉඳලා කොවිඩ් -19 නව ප්‍රභේදයක් හඳුනාගත්තා. එංගලන්තයේ සිට පැමිණෙන ගුවන්යානා තාවකාලිකව නතර කිරීමට පියවර ගැණුනේ එය අපේ රටටත් ඇතුළුවීමේ අවදානම තිබුණ නිසා. නමුත් යම්කිසි පිරිසක් ඒ වෙනකොටත් අපේ රටට පැමිණිලා තිබුණා. මේ අවස්ථාව වනවිට බ්‍රිතාන්‍යයේ සිට ලංකාවට ක්‍රිකට් සංචාරයක් සඳහා පැමිණි කණ්ඩායමේ එක පුද්ගලයෙකුට එම වෛරසය ආසාදනය වෙලා තිබුණා. ඔහු අපේ රටේ අයත් සමග කිසිම ආකාරයකින් ගැටී නැහැ. ඒ නිසා එම වෛරසය සමාජයට ඇතුළුවීමක් මේ අවස්ථාවේ අපි දකින්නේ නැහැ. ඔහුට අවශ්‍ය ප්‍රතිකාර සහ වෙන්කර තබා ගැනීම නිසිපරිදි සිදුවෙන නිසා ඒ අවස්ථාවේදීවත් මෙය ඇතුළුවීමට හෝ තවත් කෙනෙකුට ආසාදනයවීමේ අවදානම ඇත්තෙම නැහැ."