ප්‍රබල භූමිකම්පාවක් ලංකාවට සුනාමි අනතුරු ඇගවීම්
By Ashfa
ඉන්දුනීසියාවේ, උතුරු සුමාත්‍රා හි රික්ටර් මාපාංක 6.6ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයක් හටගෙන ඇත.
නිවේදනයක් නිකුත් කරමින්, ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල සහ ඒ ආසන්නයේ ජීවත් වන ජනතාවට මේ සම්බන්ධයෙන් විමසිලිමත්ව සිටින ලෙස ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය නිවේදනය කර ඇත.
ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද (27) උදෑසන 10.26ට මෙම භූකම්පනය හට ගෙන ඇත්තේ කිලෝමීටර් 25ක් ගැඹුරින් බව වාර්තාවේ.
