ඉන්දියාවෙන් ශ්‍රී ලාංකිකයන්ට ලැබෙන වටිනා ශිෂ්‍යත්ව - වැඩිදුර විස්තර සදහා මෙතනින් පිවිසෙන්න.

Sri Lanka Government Of India India
By krishani Feb 28, 2023 08:58 AM GMT
krishani

krishani

Report

ඉන්දියානු රජයෙන් 2023/2024 වර්ෂ සඳහා පිරිනමනු ලබන ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවා ඇති බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ ය.

ඒ සදහා ශ්‍රී ලාංකික සිසුන්ට 2023 මාර්තු 8 වනදා දක්වා මෙම වැඩසටහන සඳහා ලියාපදිංචි විය හැකි ය.

ඉන්දීය රජයෙන් ශ්‍රී ලංකාවේ සිසුන්ට පූර්ණ වැටුප් සහිත ශිෂ්‍යත්ව 150කට වඩා පිරිනැමීමට නියමිත අතර නේරු අනුස්මරණ ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය මඟින් උපාධි ශිෂ්‍යත්ව 75 ක්, පශ්චාත් උපාධි ශිෂ්‍යත්ව 10 ක් සහ ආචාර්ය උපාධි ශිෂ්‍යත්ව 5ක් මෙසේ පිරිනැමෙනු ඇත.

මෙයට අමතරව මවුලානා අසාද් ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය මඟින් ඉංජිනේරු, විද්‍යාව සහ කෘෂිකර්මාන්තය පිළිබඳ පශ්චාත් උපාධි ශිෂ්‍යත්ව 45ක් පිරිනැමෙන අතර රජීව් ගාන්ධි ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය මඟින් තොරතුරු තාක්ෂණ, ඉංජිනේරු සහ තාක්‍ෂණය පිළිබඳ උපාධි අපේක්ෂක ශිෂ්‍යත්ව 20ක් පිරිනැමීමට නියමතයි.

මේ ශිෂ්‍යත්ව සදහා වැඩිදුර තොරතුරු edu.colombo@mea.gov.in විද්‍යුත් තැපෑලෙන් ලබා ගත හැකිය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join