විවාහ යුවළ 468ක් ගැන ප්‍රාන්ත රජයක් ගත් තීරණය

North India Wedding Indian
By Sewvandhi Dec 18, 2021 09:23 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඉන්දියාවේ උත්තර් ප්‍රාන්තයේ පැවති සමූහ විවාහ මංගල උත්සවයක් පිළිබඳව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කළේය.

එහිදී යුවළ 468ක් විවාහ දිවියට එළඹ තිබුණි. මෙය සංවිධාන කර තිබුණේ ඉන්දියාවේ උත්තර් ප්‍රාන්ත රජය විසිනි. ඔවුන් විවිධ ආගම්වලට අයත් හා විවිධ පවුල් පසුබිමින් යුත් අය බව ඉන්දීය වාර්තා සඳහන් කරයි.

නව යුවළට උත්තර් ප්‍රාන්ත රජය ඉන්දීය රුපියල් 35,000ක මුදල් ප්‍රදානයක් ලබා දුන් බව සඳහන් වේ. එම මුදල් තැන්පත් කර තිබුණේ මනාලියගේ බැංකු ගිණුමටය.

ඊට අමතරව ඉන්දීය රුපියල් දසදහසක් වටිනා ත්‍යාගයන්ද පිරිනමා තිබුණි. විවාහ උත්සවයේ මුළු පිරිවැය දරුවේ ද උත්තර් ප්‍රාන්ත රජය විසිනි.

ඉන්දියාව තුළ මේ වනවිට සමූහ විවාහ උත්සව ජනප්‍රිය වෙමින් පවති. විශේෂයෙන් ආර්ථිකය ශක්තිමත් නොමැති පිරිස් අතර මේ ක්‍රමය වඩාත් ජනප්‍රිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

විවාහ උත්සවය සඳහා යන වියදමට අමතරව දායාද ලබාදීමටත් සිදුවීම හේතුවෙන් අපහසුතාවට පත්වන තරුණියන්ගේ පියවරුන්ට මේ ක්‍රමය සහනයක් ගෙන දී ඇති බවද ඉන්දීය වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now