මත්ද්‍රව්‍ය තොගයක් සමඟ භූවිද්‍යාඥයෙක් අත්අඩංගුවට
රුපියල් මිලියන 108කට අධික වටිනාකමකින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ 60 හැවිරිදි ඉන්දීය ජාතික භූ විද්‍යාඥයෙකු අද (15) පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු උගන්ඩාවේ කම්පාලා නුවර සිට දෝහා වෙත පැමිණ, එතැන් සිට කටාර් ගුවන් සේවයට අයත් QR 664 දරන යානයෙන් අද පෙරවරු 10.40 ට මෙරටට ළඟා වී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලේ තිබූ සහතික පත්‍ර බහාලන ෆයිල් කවර දෙකක් තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ කොකේන් කිලෝ ග්‍රෑම් දෙකයි ග්‍රෑම් 150ක ප්‍රමාණය, රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සොයාගනු ලැබුවේ සැකකරු 'හරිත මාවත' ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටවීමට උත්සාහ කළ අවස්ථාවේදීය.
අත්අඩංගුවට ගත් සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දී තිබේ.