පොලිසියෙන් දැවැන්ත මෙහෙයුමක් - 170,000ක් අත්අඩංගුවට
පසුගිය වසරේ ඔක්තෝබර් 30 වනදා ආරම්භ කරන ලද ‘රටම එකට‘ ජාතික මෙහෙයුම යටතේ ඊයේ (14) දිනය දක්වා සිදුකළ වැටලීම්වලින් පුද්ගලයින් 176,269 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
මෙම දැවැන්ත මෙහෙයුමේදී හෙරෝයින් කිලෝග්‍රෑම් 1941ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2003ක් සහ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 436ක් ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය වර්ග රැසක් පොලිස් භාරයට ගැනීමට නිලධාරීන් සමත්ව තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් පුද්ගලයින් 325 දෙනෙකු සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කර ඇති අතර, තවත් සැකකරුවන් 2820 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන තිබේ.
මීට අමතරව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ සැකකරුවන් 2050 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇති බව ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.