මහ වැසි මැද නුවරඑළිය ගොවීන් රජයට අස්වැන්න ගෙනත් දෙයි - පාරිභෝගිකයන්ටත් සුබ ආරංචියක්

Report

මෙරට දේශීය අර්තාපල් ගොවීන් මුහුණ දෙන අලෙවිකරණ ගැටළු සඳහා කඩිනම් විසඳුම් ලබාදෙමින්, දේශීය අර්තාපල් අස්වැන්න සාධාරණ මිලකට මිලදී ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් ඉකුත් 10වන දින සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව මේ වන විට නුවරඑළිය බ්ලැක්පූල් ප්‍රදේශයේ පිහිටි, සමුපකාර කෘෂි නිෂ්පාදන එකතු කිරීමේ මධ්‍යස්ථානයේදී එක් ගොවියෙකුගෙන් දිනකට උපරිම කිලෝග්‍රෑම් 1000 කට යටත්ව, කිලෝග්‍රෑම් එකක් රුපියල් 220 ක ස්ථාවර මිලකට මිලදී ගැනීම ක්‍රියාත්මක වෙමින් පවතින බව සඳහන්.

එසේම පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ වුවද, ප්‍රදේශයේ ගොවීන් විසින් තම අස්වනු මෙම මධ්‍යස්ථානය වෙත ලබා දීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

සියලුම රාජ්‍ය නිලධාරීන් වෙත විශේෂ නිවේදනයක් - ජූනි 30න් අවසන්

සියලුම රාජ්‍ය නිලධාරීන් වෙත විශේෂ නිවේදනයක් - ජූනි 30න් අවසන්

මේ අතර ගොවීන්ගෙන් සෘජුව මිලදී ගන්නා මෙම අර්තාපල් තොග දිනපතා ප්‍රවාහනය කර රට පුරා පිහිටි ලංකා සතොස අලෙවි සැල් ජාලය ඔස්සේ පාරිභෝගික ජනතාවට සහන මිලට ලබා දීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින බව සඳහන්.

එමඟින් අතරමැදියන්ගේ බලපෑමකින් තොරව ගොවියාට සිය නිෂ්පාදන සඳහා නිසි මිලක් ලබා දීමටත්, පාරිභෝගිකයාට ගුණාත්මක දේශීය අර්තාපල් සාධාරණ මිලකට මිලදී ගැනීමටත් අවස්ථාව සැලසෙන බව සඳහන්.

ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය අවිස්සාවේල්ලෙන් - හෙට 8.30 දක්වා බලපැවැත්වෙන පරිදී රතු නිවේදනයක්

ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය අවිස්සාවේල්ලෙන් - හෙට 8.30 දක්වා බලපැවැත්වෙන පරිදී රතු නිවේදනයක්

ලාංකිකයන්ට සුභ ආරංචියක් - අද ඉදන් Paypal ලංකාවට - ප්‍රධාන බැංකු තුනක් වැඩේට එක්වෙයි

ලාංකිකයන්ට සුභ ආරංචියක් - අද ඉදන් Paypal ලංකාවට - ප්‍රධාන බැංකු තුනක් වැඩේට එක්වෙයි