අසල්වැසි ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවටත් රතු එළියක්.!!!
ඉන්දියාවෙන් වාර්තාවන ඔමික්‍රොන් ආසාදිතයන් සංඛ්‍යාව 415ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කෙසේවෙතත් එම ආසාදිතයන්ගෙන් 115 දෙනෙකු මේවන විට සුවය ලබා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
වාර්තා වී ඇති ආසාදිතයන්ගෙන් වැඩිම සංඛ්‍යාවක් තහවුරු වී ඇත්තේ මහාරාශ්ට්‍ර ප්‍රාන්තයෙන්. එම සංඛ්‍යාව 108ක්.
නවදිල්ලි නුවරින් 79ක් ගුජරාට් ප්‍රාන්තයෙන් ආසාදිතයන් 43ක් තෙලන්ගනා ප්‍රාන්තයෙන් 38ක් ලෙසට ද ඔමික්‍රොන් ආසාදිතයන් හඳුනාගෙන තිබෙනවා.
කේරළ ප්‍රාන්තයෙන් හමුවී ඇති ආසාදිතයන් ගණන 37ක්.
තමිල්නාඩුවෙන් 34 දෙනෙකු වාර්තාවී තිබෙනවා.
කෙසේවෙතත් මෙතෙක් ඉන්දියාවේ ඊසානදිග ප්‍රදේශයෙන් මෙතෙක් කිසිදු ඔමික්‍රොන් ආසාදිතයෙක් හඳුනාගෙන නැහැ.
ඉන්දියාවෙන් හමුවී ඇති ඔමික්‍රොන් ආසාදිතයන්ගෙන් බොහෝ දෙනෙකු එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති අය වන අතර තුන්දෙනෙකු බූස්ටර් මාත්‍රාව ද ලබාගෙන තිබෙනවා.
එමෙන්ම මෙම ආසාදිතයන්ගෙන් සියයට 70කට පමණ කිසිදු රෝග ලක්ෂණයක් නොමැති වීම ද විශේෂත්වයක්.
මේ අතර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊයේ ප්‍රකාශකර තිබුනේ එන්නත්කරණ වැඩසටහන තවත් පුළුල් කරමින් අවුරුදු 15 සහ 18 අතර වයස්වල පසුවන ළමුන්ට ද එන්නත් ලබාදීම ආරම්භ කරන බවයි.
සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට සහ අවුරුදු 60ට වැඩි පුරවැසියන්ට බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලබාදීමට ද සැලසුම් කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |